• Chathura Ramanayake

බංග්ලාදේශ - ශ්‍රී ලංකා තීරණාත්මක තරඟයේ පෙර දැක්ම !!!




ආසියානු කුසලාන තරගාවලියේ අතිශය තීරණාත්මක තරගයක් අද රාත්‍රියේදී පැවැත්වීමට නියමිතය. තරගය පැවැත්වෙනුයේ කාසියේ වාසියේ වාසිය තරග තීරණයට අතිශය බලපෑමක් එල්ල කරන ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.


ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අවසන් වරට පැවති තරග 5 අතුරින් තරග 3ක්ම ජයගත්තේ ශ්‍රී ලංකාවයි. ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළද නිදහස් කුසලාන තරගාවලියේ දී පැවති තරග දෙකම පරාජයට පත්වන්නට ශ්‍රී ලංකාවට සිදු විය.


ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය යන කණ්ඩායම් ද්විත්වයම ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත් විය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ක්‍රීඩා කළ තරග 14 අතුරින් තරග 10ක් පරාජයට පත් වී ඇත. එමෙන්ම බංග්ලාදේශ කණ්ඩායම ද අවසන් වරට ක්‍රීඩා කළ විස්සයි විස්ස තරග 16 අතුරින් තරග 14ක්ම පරාජයට පත් වී ඇත.


නමුත් මෙවර ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් ද්විත්වය දෙස අවදානය යොමු කරන විට බංග්ලාදේශ කණ්ඩායමේ වේගපන්දු යවන්නන් අත්දැකීම් සහිත ක්‍රීඩකයන්ය. මුෂ්ටෆිසර්, ටස්කින් හා සයිෆුදීන් බංග්ලාදේශ වේගපන්දු බලඇණිය සවිමත් කරයි. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව අත්දැකීම් බහුල වේගපන්දු යවන්නන් නොමැති වුවද මහීෂ් තීක්ෂණ හා වනිදු හසරංග යන ප්‍රභල දගපන්දු යවන්නන් දෙදෙනා ශ්‍රී ලංකා පන්දු බලඇණිය ශක්තිමත් කරයි.


කණ්ඩායම් ද්විත්වයේම පිතිකරුවන් දෙස අවධානය යොමු කරන් විට කණ්ඩායම් ද්විත්වයම සතුව ප්‍රභල පිතිකරුවන් රැසක් ඇත. චරිත් අසලංක අවසන් වරට පැවති ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 80ක නොදැවුනු ඉනීමක් ක්‍රීඩා කළ අතර කුසල් මෙන්ඩිස් ද බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ඨ දස්කම් දක්වා ඇත.


ශ්‍රී ලංකා කණ්ඩායම හ බංග්ලාදේශ කණ්ඩායම ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ අවසන් වරට ක්‍රීඩා කළ තරග අතුරින් ජයග්‍රහණය කොට ඇත්තේ එක් තරගය බැගින් පමණි. හෙට දිනයේදී ක්‍රීඩා කරන තණතීරුව දෙස අවධානය යොමු කරන විට එය දගපන්දු යවන්නන්ට හිතකර තණතීරුවක් වනු ඇතැයි වාර්තා වෙයි.


අද තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් ද්විත්ව දෙස අවධානය යොමු කරන විට ශ්‍රී ලංකාව එක් වෙනස්කමක් සහිතව තරගයට එක් වීමට නියමිත බවට වාර්තා වෙයි. ඒ අනුව මැදපෙළ පිතිකරු අශේන් බණ්ඩාර කණ්ඩායමට කැදවීමේ වැඩි ඉඩක් පවතී. ඔහු වෙනුවට ධනුෂ්ක ගුණතිලක හෝ පැතුම් නිස්සංක යන ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයෙකුට කණ්ඩායමේ ස්ථානය අහිමි වනු ඇත.


බංග්ලාදේශ කණ්ඩායම අද දිනයේදී ආරම්භක පිතිකරුවන්ගේ වෙනස්කමක් සිදු කිරීමට නියමිත බවට එරට පුවත්පත් වාර්තාවක සටහන් කොට තිබුණද ඒ පිළිබඳව තහවුරු කොට නොමැත. එම වාර්තාවෙහි සටහන් වූයේ අද දිනයේදී මෙහෙදි හසන් මිරාස් හා සබීර් රෙහ්මාන් අද දිනයේදී බංග්ලාදේශ ඉනීම ආරම්භ කිරීමට නියමිත බවයි.



537 views0 comments