• Shaminda Jayarathne

බංග්ලාදේශය සතු ප්‍රභලම වේගපන්දු යවන්නෙක් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි.

බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කරන වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන රුබෙල් හොසේන් ටෙස්ට් ක්‍රිකට් දිවියට සමු දීමට තීරණය කොට තිබෙනවා. ඔහු එම තීරණය ගන්නා විට වයස අවුරුදු 32ක් වීමද විශේෂත්වයක්.


2009 වර්ෂයේදී බංග්ලාදේශය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් රුබෙල් හොසේන් එරට වෙනුවෙන් ටෙස්ට් තරඟ 27ක් ක්‍රීඩා කළා. එම ටෙස්ට් තරඟ 27 දි ඉනිම 44ක් පන්දු යැවීම සිදු කළත් රුබෙල් හොසේන් දවාගත්තේ කඩුලු 36ක් පමණයි.



මේ නිසාවෙන් ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවිය අසාර්ථක එකක් බව කීමට පුළුවන්. රුබෙල් හොසේන් ටෙස්ට් තරඟ වලින් විශ්‍රාම යෑමෙන් පසුව තවදුරටත් එක්දින සහ විස්සයි විස්ස තරඟ වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි එරට ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වනවා.


ඔහු එක්දින තරඟ 104 කදී කඩුලු 129ක් හා විස්සයි විස්ස තරඟ 28 කදී කඩුලු 28ක් බංග්ලාදේශය වෙනුවෙන් ලබාගෙන තිබෙනවා.

132 views0 comments