• Chathura Ramanayake

බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම දෙවන තරගයත් පරාජයට පත් වෙයි


Road Safety ලෝක ශූරතා තරගාවලියේ අටවන තරගය අද පස්වරුවේ Indoreහිදී පැවැත්විණි. බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම සමගින් මෙම තරගයේදී මුණ ගැසුණේ නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමයි. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හමුවේ එය පන්දුවාර 11ක තරගයක් ලෙසින් ආරම්භ විය.



කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක රෝස් ටේලර් පළමුව පන්දු රැකීම තෝරාගත්තේය. ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 11 තුළ කඩුලු 3කට ලකුණු 98ක් රැස්කළහ. කඩුලු රකින ක්‍රීඩක දිමාන් ගෝෂ් හතරේ පහර 3ක් හා හයේ පහරක් සමගින් ලකුණු 41ක්ද, ආලෝක් කපිල් හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 37ක්ද නොදැවී රැස්කලහ. පන්දු යැවීමේදී කයිල් මිල්ස් ලකුණු 11කට කඩුලු 2ක් බිදහෙලීය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 9 පන්දු 3ක් පමණක් වැයකරමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය. ඩීන් බ්‍රවුන්ලී පන්දු 19කදී හතරේ පහර 3ක් හා හයේ පහරක් සමගින් ලකුණු 31ක්ද නායක රෝස් ටේලර් පන්දු 17කදී හයේ පහර 3ක් සමගින් ලකුණු 30ක්ද නොදැවී රැස්කිරීමට සමත් වූහ. තරගයේ වීරයා ලෙසින් කයිල් මිල්ස් සම්මාන ලැබීය.

3,002 views0 comments