• Chathura Ramanayake

බංග්ලාදේශ ලෝක කුසලාන සංචිතයෙන් ප්‍රභලයෙක් ඉවතට !!!


එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා වන බංග්ලාදේශ කණ්ඩායම අද දිනයේදී නම් කොට ඇත. ශකිබ් අල් හසන්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ සංචිතයට ක්‍රීඩකයන් 15ක් ඇතුළත්.


මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයෙන් මැදපෙළ ප්‍රහාරාත්මක පිතිකරු මහමදුල්ලා රියාස් ඉවත් කිරීමට එරට ක්‍රිකට් බලධාරීන් කටයුතු කොට ඇත. පසුගිය වසරේ පැවති පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දැරුවේද මහමදුල්ලායි.



ආබාධයකට ලක්වීම හේතුවෙන් පසුගිය ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා නොකළ ලිටන් ඩාස් හා නරුල් හසන් නැවත වරක් බංග්ලාදේශ සංචිතයට කැදවා ඇත.

පසුගිය ආසියානු කුසලාන තරගාවලියෙන් අනතුරුව මුෂ්ෆිකර් රහීම් විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමු දුන්නේය. බංග්ලාදේශ සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයන් අතරට,සබීර් රෙහ්මාන්, අෆීෆ් හුසේන්, මුෂ්ටෆිසර් රහ්මාන්,මොසැදික් හුසේන් ඇතුළත්.


බංග්ලාදේශය මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලබා ඇති අතර ඔවුන් දකුණු අප්‍රිකාව ඉන්දියාව, පාකිස්තානය හා  සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක සමගින් තරග වැදීමට නියමිතයි.


බංග්ලාදේශ ලෝක කුසලාන සංචිතය

ශකිබ් අල් හසන්, සබීර් රෙහ්මාන් ,මෙහෙදි හසන් මිරාස් ,අෆිෆ් හුසේන් ,මොසැදික් හුසේන් ,ලිටන් ඩාස් ,යසීර් අලි, නරුල් හසන් , මුෂ්ටෆිසර් රහ්මාන් ,මොහොමඩ් සයිෆුදීන්, ටස්කින් අහමඩ් ,එබදත් හුසේන් ,හසන් මහමුඩ් ,නසුම් අහමඩ් , නජ්මුල් හුසේන්

163 views0 comments