• Chathura Ramanayake

බංග්ලාදේශ ප්‍රභල පිතිකරුවා ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට සමු දෙයි !!!



බංග්ලාදේශ කඩුලු රකින පිතිකරු මුෂ්ෆිකර් රහීම් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කොට ඇත. එක්දින හා ටෙස්ට් ක්‍රිකට් පිටියට වැඩි අවදානයක් යොමු කිරීමට අවශ්‍ය බව සදහන් කරමින් මුෂ්ෆිකර් රහීම් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් සමු ගැනීමට තීරණය කොට ඇත.


බංග්ලාදේශය ආසියානු කුසලාන තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්වූ පසුබිමක මුෂ්ෆිකර් රහීම් මෙම තීරණය ගෙන ඇත.


" මම අද මගේ ජාත්‍යන්තර විස්සයි විස්ස දිවියෙන් සමු ගන්නවා. නමුත් මම බංග්ලාදේශය වෙනුවෙන් එක්දින හා ටෙස්ට් තරග ක්‍රීඩා කරනවා. මම විශ්වාස කරනවා එක්දින හා ටෙස්ට් ආකෘති වලදී මගේ රට වෙනුවෙන් සාර්ථක වෙන්න පුලුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. නමුත් මම බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය හා අනෙකුත් ලීග් වෙනුවෙන් ක්‍රීඩා ක‍රන්න බලාපොරොත්තු වෙනවා".


මුෂ්ෆිකර් රහීම් බංග්ලාදේශය ක්‍රීඩා කළ,පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයටද ක්‍රීඩා කොට ඇත. 2006 වසරේ සිට මේ දක්වා ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 102කට ක්‍රීඩා කොට ඇති අතර එහිදී ලකුණු 1500ක් රැස්කොට ඇත. ඔහුගේ පිතිකරණ සාමාන්‍ය ලකුණු 19.48ක් ලෙසින් සටහන් වන අතර ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ශතක 6ක් රැස්කිරීමටද ඔහු සමත් වී ඇත.

87 views0 comments