• Chathura Ramanayake

බංග්ලාදේශය සූදානම් වන්නේ 2024 විස්සයි විස්ස ලෝක කුසලානයටද?


බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති නස්මුල් හුසේන් ප්‍රකාශ කළේ මේ වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානයේ මීළඟ සංස්කරණය මනසේ තබාගෙන බංග්ලාදේශය ඒ වෙනුවෙන් සූදානම් වන බවයි.


බංග්ලාදේශය අවසන් වරට පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟවලට සහභාගී වූ අතර එහිදී ඔවුන් ස්කොට්ලන්තයට පරාජය වූ අතර පැපුවා නිව්ගිනියාවට සහ ඕමානයට එරෙහිව ජයග්‍රහණය කළහ. කෙසේ වෙතත් සුපිරි 12 අදියරේදී බංග්ලාදේශයට එකදු තරගයක් හෝ ජයගැනීමට නොහැකි විය.



ඔවුන්ගේ සූදානමේ ප්‍රතිඵල ඉදිරි ලෝක කුසලානයේදී දැකගත නොහැකි විය හැකි බවත් ඉවසිලිවන්තව සිටින ලෙස රසික රසිකාවියන්ගෙන් ඉල්ලා සිටින බවත් නස්මුල් හුසේන් පැවසීය. ආසියානු කුසලානයට පෙර නායක ෂකීබ් අල් හසන් ද ප්‍රකාශ කළේ බංග්ලාදේශ විස්සයි20 කණ්ඩායමේ පරිවර්තනයක් එක් රැයකින් අපේක්ෂා නොකළ යුතු බවයි.


" අපි දැන් සිදුකරන ක්‍රියාවලිය කරන්නේ මේ ලෝක කුසලානයට නෙවෙයි. මෙම ලෝක කුසලානය දැකීමෙන් ඔබ නිගමනයකට එළඹිය යුතු නෑ. මීළඟ T20 ලෝක කුසලානය ඉලක්ක කරගෙන අපි කටයුතු කළ යුතුයි."

“ඉස්සර වෙච්ච දේවල් වුණා. දැන් අපි දීර්ඝකාලීනව කල්පනා කරනවා. අපි ඊළඟ T20 ලෝක කුසලානය ඉලක්ක කර ගත යුතුයි. දැන් අපි මේ සඳහා කණ්ඩායම සූදානම් කරමින් සිටිනවා. දැන් ඒ සඳහා අත්හදා බැලීම් තියෙනවා , සමහර ඒව හොඳ වෙයි සමහර ඒවා නරක වෙයි. ඒක පිළිගන්න අපි සූදානම්. නරක වුණත් අපි කලකිරෙන්නේ නැහැ,

ඒත් අපිට ඕන හොඳට කරන්න. මාස 6/7කට පස්සේ අපිට හොඳ කණ්ඩායමක් ඉදීවි. නැත්නම් අවුරුද්දක් ඇතුළත ශක්තිමත් කණ්ඩායමක් ලැබෙනවා, මේක තමයි ඉලක්කය. අපගේ ඉලක්කය මීළඟ ලෝක කුසලානය මිස මෙම ලෝක කුසලානය නොවන බව ඔබ සැම විටම තේරුම් ගත යුතුයි," නස්මුල් වැඩිදුරටත් පැවසීය

1,354 views0 comments