• Shaminda Jayarathne

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට දරුණු ප්‍රහාරයක්!

සාෆ් වයස අවුරුදු 17න් පහළ පාපන්දු තරඟාවලියේ මූලික වටයේ තරඟයකදී ගෝල 5-1 ක් ලෙසින් ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් ප්‍රභල ජයග්‍රහණයක් වාර්තා කිරීමට බංග්ලාදේශයට හැකියාව ලැබුණා.


ශ්‍රී ලංකාවේ සත්කාරත්වය යටතේ පැවැත්වෙන මෙම තරඟාවලියේ මූලික වටයේ තරඟයක් ලෙසින් මෙම තරඟය කොළඹ රේස්කෝර්ස් පිටියේදී පැවැත්වුණා. කෙසේ වුවත් මෙම පරාජය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයෙන්ම තරඟාවලියෙන් ඉවත් වීමේ අවධානමකට ලක්ව තිබෙනවා.


මූලික වටයේ තම පළමු තරඟයට එක් වූ ඉන්දියාව ගෝල 3-0 ක් ලෙසින් භූතානය පරාජයට පත් කළා. ශ්‍රී ලංකාව මූලික වටයේ දෙවන තරඟය ලෙසින් සැප්තැම්බර් මස 9 වනදා මාලදිවයින සමගින් තරඟ වැදීමට සූදානමින් පසු වනවා. තරඟාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් ශ්‍රී ලංකාවට මෙම තරඟය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වනු ඇති.

185 views0 comments