• Chathura Ramanayake

බංග්ලාදේශයට විස්සයි විස්ස ලෝක කුසලානය ජයගත හැකියි - කලීඩ් මහමුඩ්


ආසියානු කුසලාන තරගාවලියේදි කිසිදු ජයග්‍රහණයකින් තොරව තරගාවලියෙන් ඉවත්වන්නට බංග්ලාදේශයට සිදුවුවද, එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඔවුන්ට හැකි බව කණ්ඩායමේ අධ්‍යක්ෂක කලීඩ් මහමුඩ් සදහන් කොට ඇත.


“මම ධනාත්මක පුද්ගලයෙක්. මම සෑමවිටම ධනාත්මකව සිටීමට උත්සාහ කරනවා. අපට ලෝක ශූරයන් වීමට පවා හැකි යැයි මම විශ්වාස කරනවා. නමුත් එම ගමන කිසිසේත් පහසු නොවේවි. සමහර විට ඒ වෙනුවෙන් අවුරුද්දක් වුවත් ගතවේවි,”
“අපගේ ප්‍රධාන අරමුණ වන්නේ අප දියුණු වෙනවාද නැද්ද යන්න බැලීමයි. මට අවශ්‍ය වන්නේ ක්‍රීඩකයන්ට තරග ආකෘතිය පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් තිබේදැයි බැලීමයි. මෙම විස්සයි විස්ස ආකෘතිය නිසා බොහෝ අය අපට සමච්චල් කරනවා, නමුත් අපට හොඳින් කළ හැකි බවට විශ්වාසයක් තියෙනවා, ”මහමුද් පැවසීය.

හිටපු ඉන්දීය නායක විරාට් කෝලිට වඩා අෆීෆ් හුසේන් හොදින් පන්දුවට පහර දෙන බවද මහමුඩ් සදහන් කොට ඇත.


“අපේ පිතිකරුවන්ට රෝහිත් ෂර්මා වගේ පහරවල් ගහන්න හැකියාවක් නැහැ කියලා මම විශ්වාස කරන්නේ නැහැ. කෝලි මොනවා කළත් අෆීෆ්ටත් ඒ දේ කරන්න බැරි වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. සමහරවිට අපේ අෆීෆ්ට ඔහුට වඩා හොඳින් ක්‍රීඩා කරන්න පුලුවන්.අපට අවශ්‍ය වන්නේ එම විශ්වාසයයි.


7,388 views0 comments