• Chathura Ramanayake

බංග්ලාදේශයට ප්‍රභලයන් දෙදෙනෙකු අහිමි වද්දී පුහුණුකාරීත්වයේත් ගැටලුවක් !!!



එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සදහා නම් කෙරුණු බංග්ලාදේශ සංචිතයෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකු ඉවත් කොට ඇත. ඒ ඔවුන්ගේ ආබාධ තත්වය මේ වන තෙක් යහපත් අතට හැරී නොතිබීම හේතුවෙනි.


ඒ අනුව වේගපන්දු යවන ක්‍රීඩක හසන් මහමුඩ් හා කඩුලු රකින ක්‍රීඩක නරුල් හුසේන් මෙලෙසින් බංග්ලාදේශ සංචිතයෙන් ඉවත් කොට ඇත. එමෙන්ම ආබාධයකට ලක්ව සිටින ලිටන් ඩාස්ටද ආසියානු කුසලාන තරගාවලිය අහිමිවනු ඇත. ක්‍රීඩකයන් 17දෙනෙකුගෙන් සමන්විත බංග්ලාදේශ සංචිතයට වමත් පිතිකරු මොහොමඩ් නයීම් කැදවා ඇත.


මේ අතර ප්‍රධාන පුහුණුකරු රසෙල් ඩොමින්ගෝ නොමැතිව බංග්ලාදේශ කණ්ඩායම එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් සහභාගී වන බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කොට ඇත. බංග්ලාදේශය මෙවර ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් එක් වනුයේ තාක්ෂණික උපදේශක ශ්‍රීධරන් ශ්‍රීරාම්ගේ සහය යටතේය.


බංග්ලාදේශ ක්‍රිකට් සභාපති නස්මුල් හුසේන් සදහන් කොට ඇත්තේ එක්දින හා ටෙස්ට් තරග කෙරෙහි අවධානය යොමු කිරීමට ඉල්ලීමක් කොට ඇති බවයි.


ආසියානු කුසලාන කණ්ඩායම සමග ප්‍රධාන පුහුණුකරුවකු තරගාවලියට එක් වෙන්නෑ. රසෙල් ඉදිරියේදී විස්සයි විස්ස කණ්ඩායම පුහුණු කරන්නෑ. ඔහු එක්දින හා ටෙස්ට් කණ්ඩායම පුහුණු කරාවි.
අපිට ඉන්නවා ජෙමී සිඩොන්ස්(පිතිකරණ පුහුණුකරු), රංගන හේරත්(දගපන්දු පුහුණුකරු), ඇලන් ඩොනල්ඩ්(වේගපන්දු පුහුණුකරු), ශේන් මැක්ඩර්මෝට්(පන්දු රැකීමේ පුහුණුකරු) යන පුහුණුකරුවන්. ඒ වගේම ශ්‍රීරාම් කණ්ඩායමට අවශ්‍ය තරග සැලසුම ලබා දේවි.

බංග්ලාදේශ ආසියානු කුසලාන සංචිතය

Shakib Al Hasan (capt), Anamul Haque, Mushfiqur Rahim, Afif Hossain, Mosaddek Hossain, Mahmudullah, Mahedi Hasan, Mohammad Saifuddin, Hasan Mahmud, Mustafizur Rahman, Nasum Ahmed, Sabbir Rahman, Mehidy Hasan Miraz, Ebadot Hossain, Parvez Hossain Emon, Nurul Hasan Sohan, Taskin Ahmed


4,437 views0 comments