• Chathura Ramanayake

බිග්බෑෂ් ලීගයේ ඕස්ට්‍රේලියානු ඩොලර් 340000ක වටිනාකමක් හිමි ක්‍රීඩකයන්..



මෙවර බිග්බෑෂ් ලීග් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පතෙහි Platinum කාණ්ඩයට අදාල විදෙස් ක්‍රීඩකයන් ලයිස්තුව අද දිනයේදී ප්‍රකාශයට පත් කෙරිණි. එම කාණ්ඩයට විදෙස් ක්‍රීඩකයන් 12 දෙනෙකු ඇතුළත්ය. මෙම ක්‍රීඩකයන් ඕස්ට්‍රේලියානු ඩොලර් 340000ක ගිවිසුමකට යටත් වෙයි.


මෙම ක්‍රීඩකයන් 12 දෙනා අතරට ෆැෆ් ඩුප්ලෙසිස්, ජේසන් රෝයි, ලියම් ලිවින්ග්ස්ටන්, සෑම් බිලින්ග්ස්, කිරන් පොලාඩ්,ඇන්ඩ්‍ර්‍ර රසෙල්, ඩේවිඩ් විලී, ශඩාබ් ඛාන්, ඩ්වේන් බ්‍රාවෝ, රශීඩ් ඛාන්, ක්‍රිස් ජෝඩ්න් හා ට්‍රෙන්ට් බෝල්ට් යන ක්‍රීඩකයන් ඇතුළත්ය.


මෙම ක්‍රීඩකයන් අතරින් සෑම් බිලින්ග්ස් (Sydney Thunder), ඇන්ඩ්‍ර රසෙල්(Melbourne Stars), ශඩාබ් ඛාන්(Sydney Sixers), ක්‍රිස් ජෝඩ්න්(Sydney Sixers) හා රශීඩ් ඛාන්( Adelaide Strikers) යන ක්‍රීඩකයන් පසුගිය වර ක්‍රීඩා කළ කණ්ඩායම විසින් රදවා ගැනීමට සූදානමින් පසුවන බවද වාර්තා වෙයි. මෙවර ක්‍රීඩකයන් 26 දෙනෙකු කණ්ඩායම් වලට රදවා ගැනීමට හැකියාව ඇත. ඉහත ක්‍රීඩකයන් 12 දෙනා අතුරින් එක්සත් අරාබි ලීගය හෝ දකුණු අප්‍රිකානු ලීගයට ඇතුළත් නොවනුයේ ශඩාබ් ඛාන් හා ඩේවිඩ් විලී පමණි.


මේ අතර අද දිනයේදී ප්‍රකාශයට පත් කෙරුණු ක්‍රීඩක කෙටුම්පත් වෙනුවෙන් ලියාපදිංචි ක්‍රීඩකයන් ගණන 279කි. ඒ අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හත්දෙනෙකු ද ඇතුළත්ය. එම ක්‍රීඩකයන් වනුයේ දිනේෂ් චන්දිමාල්, දුෂාන් හේමන්ත, ප්‍රභාත් ජයසූරිය, රුවන්ත කෙල්ලපොත, රමේෂ් මෙන්ඩිස්, ලක්ෂාන් සදකැන් හා මහීෂ් තීක්ෂණයි. නමුත් මහීෂ් තීක්ෂණ බිග්බෑෂ් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

2,793 views0 comments