• Chathura Ramanayake

බංගලාදේශ මාධ්‍යවේදියෙක් මුෂ්ෆයිකර් රහීම් සහ ගිල්ක්‍රිස්ට් එකම තලයක තබයි.


බංග්ලාදේශ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් අද දිනයේදී ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළේය. මුෂ්ෆිකර් රහීම් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් සමුගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් අදහස් දක්වා ඇත. මේ අතරින් බංග්ලාදේශ ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන bdcrictimes වෙබ් අඩවියෙහි මාධ්‍යවේදියෙකු වන නස්මුස් සයීඩ් චවුද්‍රි සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා ඇත.


නස්මුස් සයීඩ් විසින් බංග්ලාදේශ ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම්ගේ සමුගැනීම, හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇඩම් ගිල්ක්‍රිස්ට් සමගින් සන්සන්දනය කොට ඇත.


හිටපු ඕස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක ඇඩම් ගිල්ක්‍රිස්ට් ක්‍රිකට් පිටියට සමු දුන්නේ හිටපු ඉන්දීය ක්‍රීඩක VVX ලක්ෂ්මන්ගේ උඩපන්දුව අතහැරීමෙන් පසුව බවත් මුෂ්ෆිකර් රහීම් විස්සයි විස්ස පිටියෙන් සමුගත්තේ කුසල් මෙන්ඩිස්ගේ උඩපන්දුව අතහැරීමෙන් පසුව බවත් ඔහු සදහන් කොට ඇත.


එම සටහනේ අවසන් කොටසේ දක්වා ඇත්තේ

'"තමන්ට අපේක්ෂිත දක්ශතා අතරට පැමිණීමට නොහැකි වූ විටදී, පුරාවෘත්තයන්(ලෙජන්ඩ්ස්) විසින් තමා වගකීම් සහගතව ක්‍රියා කරන බවත් ' යනුවෙනි. එමෙන්ම ඔහු මුෂ්ෆිකර් රහීම්ගේ විස්සයි විස්ස සමුගැනීමට සුභපැතුම් ද එක් කොට ඇත.

382 views0 comments