• Chathura Ramanayake

පුහුණු තුන් දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි !!!



සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම අතර තුන් දින පුහුණු තරගය ඊයේ දිනයේදී ජය පරාජයෙන් තොරව අවසන් විය. කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමු ඉනීමේ ජය ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායමට හිමිවිය.


තරගයේ කාසියේ වාසිය හිමිකරගත් පාකිස්තාන නායක බාබර් අසාම් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ. ඒ අනුව ඔවුන් සිය පළමු ඉනීම වෙනුවෙන් සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 323ක් රැස්කළහ. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ බාබර් අසාම් පන්දු 113කදී හතරේ පහර 8ක් හා හයේ පහර 4ක් සමගින් ලකුණු 88ක් රැස්කිරීමට සමත් විය. සෙසු පිතිකරුවන් වූ අගා සල්මන් ලකුණු 55ක්ද අසාර් අලි ලකුණු 43ක්ද පාකිස්තාන ඉනීමට එක් කරන්නට විය.

පන්දු යැවීමේදී ලක්ෂිත මානසිංහ ලකුණු 85ට කඩුලු 4ක්ද දිල්ෂාන් මධුසංඛ හා ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 2 බැගින්ද බිදහෙලීය.


පිළිතුරු ලෙසින් සිය පළමු ඉනීම ඇරඹූ ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 375ක් රැස්කොට සිටියදී ඉනීම අත්හිටුවන්නට තීරණය කළහ. ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ත්‍රිත්වයක් වාර්තා විය. ආරම්භක පිතිකරු සදීර සමරවික්‍රම පන්දු 99කදී හතරේ පහර 13ක් සමගින් ලකුණු 91ක් රැස්කළේය. සෙසු අර්ධ ශතක ලාභීන් වූ නුවනිදු ප්‍රනාන්දු ලකුණු 78ක්ද නිෂාන් මදුෂ්ක ලකුණු 57ක් රැස්කිරීමට සමත් විය.


ශ්‍රී ලංකා පිළේ ආරාධනයෙන් සිය දෙවන ඉනීම ඇරඹූ පාකිස්තාන කණ්ඩායම ඊයේ දිනය අවසානයේදී කඩුලු 2ක් දැවී ලකුණු 178ක් රැස්කොට සිටියහ. ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශාෆික් ලකුණු 63ක් හා අසාර් අලී

ලකුණු 40ක් රැස්කොට සිටියදී ඔවුන්ගේ ඉනීම නවතා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් XI වෙනුවෙන් ලක්ෂිත මානසිංහ හා ලසිත් ඇඹුල්දෙණිය දෙවන ඉනීමේදී එක් කඩුල්ල බැගින් බිදහෙලීය. ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.


Pakistan 323 all out, 100 overs (Babar Azam 88, Salman Ali Agha 55, Azhar Ali 43, Mohammad Rizwan 31, Saud Shakeel 30; Lakshitha Manasinghe 4-85, Dilshan Madushanka 2-59, Lasith Embuldeniya 2-83) & and 178-2, 50 overs (Abdullah Shafique 63 retired, Azhar Ali 40 retired, Imam-ul-Haq 30)


Sri Lanka Cricket XI 375-8d, 99 overs (Sadeera Samarawickrama 91, Nuwanidu Fernando 78, Nishan Madushka 57; Mohammad Nawaz 2-24)

19 views0 comments