• Chathura Ramanayake

පුහුණු තරගයේ පළමු දිනයේ තොරතුරු !!


සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් XI අතර පුහුණු තුන් දින තරගය ඊයේ දිනයේදී කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් පාකිස්තානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ. ඒ අනුව ඊයේ දිනයට තරගය නතර කරන විට පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනීමට කඩුලු 7ක් දැවී ලකුණු 277ක් රැස්කිරීමට සමත් විය.


පාකිස්තාන ආරම්භක පිතිකරු යුගලය පළමු පන්දුවාර 5 තුළ දවාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකිවිය. පාකිස්තාන නායක බාබර් අසාම් ඊයේ දිනයේදී පන්දු 113ක් තුළ හතරේ පහර 8ක් හා හයේ පහර 4ක් සමගින් ලකුණු 88 රැස්කිරීමට සමත් විය. බාබර් අසාම් සමගින් එක්ව අසාර් අලි ලකුණු 134ක සබදතාවක් ගොඩනගන්නට සමත් වූ අතර අසාර් අලි පන්දු 119කදී ලකුණු 43ක් රැස්කළේය.


ෆවඩ් අලාම් හා මොහොමඩ් රිස්වාන් පිළිවෙලින් ලකුණු 22ක් හා 33ක් බැගින් රැස්කළ අතර සෞඩ් ශකීල් හා අගා සල්මන් නොදැවී ලකුණු 30ක් හා 43ක් රැස්කිරීමට සමත් වූහ. පන්දු යැවීමේදී ශ්‍රි ලංකා ක්‍රිකට් XI පිළ,වෙනුවෙන් ලක්ෂිත මානසිංහ ලකුණු 83කට කඩුලු 3ක් හා ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 83කට කඩුලු 2ක් දවාගත්හ.


පාකිස්තාන පළමු ඉනීම - 277/7

බාබර් අසාම් 88(113), සල්මන් අගා* 43(69), අසාර් අලි 43(119)

ලක්ෂිත මානසිංහ 3/83, ලසිත් ඇඹුල්දෙණිය 2/83




0 views0 comments