• Shaminda Jayarathne

පුහුණුකරුවන්ගේ ගැටුම් සමග නිමාව දුටු උණුසුම් එංගලන්ත සති අන්තය!

මේ වන විට 2022/23 නව පාපන්දු තරඟවාරය යුරෝපයේ සියලුම ප්‍රමුඛ පෙළේ පාපන්දු ලීග වල ආරම්භ වී අවසන්. පසුගිය සතියේදී ආරම්භ වූ එංගලන්තය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ දෙවන සති අන්තයටත් ක්‍රියාත්මක වුණා.



තෝමස් ටුචෙල් සහ ඇන්ටෝනියෝ කොන්ටේ අතර ගැටුම නිර්මාණය වෙමින්


මෙහිදී පසුගිය වසරේ ශූරතාවය දිනාගත් මැන්චෙස්ටර් සිටි කණ්ඩායම AFC බෝර්න්මවුත් ට එරෙහිව ගෝල 4-0 ක පහසු ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒ වගේම පසුගිය තරඟවාරයේදී නැවතත් තම සුපුරුදු රිද්මය සොයා යන බව පෙන්නුම් කළ ආසනල් කණ්ඩායමද ලෙයිෂ්චර් සිටි පරාජයට පත් කරමින් ගෝල 4-2 ක ජයග්‍රහණයක් වාර්තා කළා. දැනට පැවති තරඟ දෙකම ජයග්‍රහණය කළේ ඔවුන් පමණයි.


ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ක්‍රීඩා කරනා මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම තමන් ක්‍රීඩා කළ දෙවන තරඟයත් පරාජයට පත් වුණා. ඒ ගෝල 4-0 ක් වශයෙන් බ්‍රෙන්ට්ෆෝර්ඩ් හමුවේ පරාජයට පත් වෙමින්. මැන්චෙස්ටර් යුනයිටඩ් ට අමතරව වෙස්ට් හැම් යුනයිටඩ් සහ එවර්ටන් යන කණ්ඩායම් ද තමන් සහභාගී වූ තරඟ දෙකම පරාජයට පත් වී තිබෙනවා.



Manchester United සහ Brentford අතර තරඟය


මේ සති අන්තයේ වඩාත්ම අවධානය දිනාගත් චෙල්සි සහ ටොටන්හැම් තරඟයේ ඊයේ දිනයේදී ක්‍රියාත්මක වුණා. මේ තරඟයේදී කණ්ඩායම් දෙකේ පුහුණුකරුවන් වන ඇන්ටෝනියෝ කොන්ටේ සහ තෝමස් ටුචෙල් යන දෙපළ අතර ඇතිවූ ගැටුම විශේෂ අවධානයක් දිනා ගත්තා. මේ තරඟය අතිශයින්ම උණුසුම් වී නිමාව දුටුවේ ගෝල 2-2 ලෙස සම තත්ත්වයෙනුයි.


දෙවනි තරඟ දිනයේ පැවති සියලුම තරඟ වල ප්‍රතිඵලයන් පහත පරිදි සටහන් වුණා. ලිවර්පූල් සහ ක්‍රිස්ටල් පැලස් අතර තරඟය අද දින ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යම රාත්‍රියේදී ආරම්භ වීමට නියමිත වනවා.


Aston Villa 2-1 Everton

Brighton & Hove 0-0 Newcastle United

Manchester City 4-0 AFC Bournemouth

Southampton 2-2 Leeds United

Wolverhampton 0-0 Fulham

Arsenal 4-2 Leicester City

Brentford 4-0 Manchester United

Nottingham Forest 1-0 West Ham United

Chelsea 2-2 Tottenham

78 views0 comments