• Chathura Ramanayake

ප්‍රභාත් හා රමේෂ් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියට !!!



නවතම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම්හි ලයිස්තුව අද දිනයේදී ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව පසුගිය පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ශ්‍රේණිගතකිරීම්හි රැදී සිටි ස්ථාන වල වෙනස්කම් සිදුවී ඇත. අද දිනයේදී ප්‍රකාශයට පත් කෙරුණු ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්හි ලයිස්තුවේ ඉදිරියට පැමිණීමට පසුගිය තරගාවලියේ දක්ෂතා දැක්වූ ප්‍රභාත් ජයසූරිය හා රමේෂ් මෙන්ඩිස් යන ක්‍රීඩකයන් සමත් වී ඇත.


ඒ අනුව නවතම ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම්හි 31වන ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට රමේෂ් මෙන්ඩිස් සමත් වී ඇත. ඔහු මින් පෙර රැදී සිටියේ ශ්‍රේණිගතකිරීම්හි 51වැන්නා ලෙසිනි. රමේෂ් මෙන්ඩිස් මේ වන විට සිය හොදම ටෙස්ට් ශ්‍රේණිගතකිරීමේ රේටින් ප්‍රාමාණය රැස්කොට සිටින අතර එය 560ක් ලෙසින් සටහන් වෙයි.


ඕස්ට්‍රේලියාවට එරෙහිව පසුගිය තරගාවලියේදී ටෙස්ට් වරම් දිනාගත් ප්‍රභාත් ජයසූරිය මෙම වසරේ දැනට වැඩිම කඩුලු ලාභියා ලෙසින් රැදී සිටින පන්දු යවන්නායි. පාකිස්තාන තරගාවලියේ දැක්වූ දක්ෂතාද සමගින් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නන් අතරෙහි 33වන ස්ථානය තෙක් ස්ථාන 11කින් ඉදිරියට පැමිණීමට ප්‍රභාත් ජයසූරිය සමත් වී ඇත. ප්‍රභාත් ජයසූරියද සිය හොදම ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් රේටින් ප්‍රමාණය වාර්තා කොට ඇති අතර එම රේටින් ප්‍රමාණය 550ක් ලෙසින් සටහන් වේ.


ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම්හි මුල් ස්ථාන තුන තවමත් හිමිවී ඇත්තේ පැට් කමින්ස් , රවිචන්ද්‍රන් අශ්වින් හා ශහීන් අෆ්‍රිඩිටයි. ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්හි මුල් ස්ථාන 10 අතරට ඇතුළත් එකම දඟ පන්දු යවන්නනා බවට පත්ව ඇත්තේ අශ්වින් පමණක් වීම සුවිශේෂීය.


ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්හි ශ්‍රී ලංකා පන්දු යවන්නන් රැදී සිටින ස්ථාන


රමේෂ් මෙන්ඩිස් - 31 (+20)

ප්‍රභාත් ජයසූරිය - 33 (+11)

ලසිත් ඇඹුල්දෙණිය - 44 (-2)

කසුන් රාජිත - 51 (-2)

ලහිරු කුමාර - 54 (-1)

අසිත ප්‍රනාන්දු  - 59 (-4)

ප්‍රවීන් ජයවික්‍රම - 63 (-2)

විශ්ව ප්‍රනාන්දු - 67 (-2)

ධනංජය ද සිල්වා - 86 (+1)

දුෂ්මන්ත චමීර - 91 (-1)

248 views0 comments