• Chathura Ramanayake

ප්‍රභාත් ජයසූරිය වසරේ වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වෙයි !!!



ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ මෙම වසරේ මෙතෙක් කාලසීමාව තුළ වැඩිම කඩුලු ලාභියා බවට පත් වන්නට ප්‍රභාත් ජයසූරිය අද දිනයේදී සමත් විය. ඒ පාකිස්තානයට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරගයේදීද දස්කම් දැක්වීමත් සමගිනි. පාකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනීමේදී ලකුණු 117ට කඩුලු 5ක් දවාගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් විය.


ඔහු මෙම තරගයේ පළමු ඉනීමේදීද කඩුලු 3ක් බිදහෙලීය. ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති දෙවන තරගයෙන් ටෙස්ට් පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය තරග 3කට ක්‍රීඩා කරමින් කඩුලු 29ක් දවාගැනීමට සමත් විය. ඒ අනුව වසරේ මේ දක්වා කාල සීමාව තුළදී වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා බවට පත් වන්නට ඔහුට හැකිවිය. වසරේ මේ දක්වා වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන් අතර දෙවැන්නා බවට පත්ව ඇත්තේ තරග 8ක් තුළ කඩුලු 29ක් දවාගත් එංගලන්ත ක්‍රීඩක ජැක් ලීච්ය.


වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් ක්‍රීඩකයන්

  • ප්‍රභාත් ජයසූරිය - තරග 3 - කඩුලු 29

  • ජැක් ලීච් - තරග 8 - කඩුලු 29

  • නේතන් ලයන් - තරග 7 - කඩුලු 27

  • ස්ටෘවර්ට් බ්‍රෝඩ් - තරග 6 - කඩුලු 26

  • ට්‍රෙන්ට් බෝල්ට් - තරග 5 - කඩුලු 25

  • පැට් කමින්ස් - තරග 7 - කඩුලු 25

  • ටිම් සවුති - තරග 7 - කඩුලු 25

  • මාර්කෝ ජන්සෙන් - තරග 4 - කඩුලු 23

  • කාගිසෝ රබාඩා - තරග 4 - කඩුලු 23

  • ජස්ප්‍රිට් බුම්‍රා - තරග 5 - කඩුලු 22


2,017 views0 comments