• Chathura Ramanayake

ප්‍රභාත් ජයසූරිය යළිත් වාර්තාවක් පිහිටුවයි !!



සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය මේ වන විටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙම තරගයේ පාකිස්තාන පළමු ඉනීමේදීද කඩුලු 5ක් දවාගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් විය. ඒ අනුව පළමු ටෙස්ට් තරග දෙක තුළදී කඩුලු 5 බැගින් අවස්ථාවන් 3කදී දවාගත් පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසින් ප්‍රභාත් ජයසූරිය වාර්තා පොත් අතරට එක් විය.


පළමු ටෙස්ට් තරග 2ක තුළදී මෙම දක්ෂතාවය පෙන්නුම් කළ ලොව අටවන ක්‍රීඩකයා ලෙසින්ද ප්‍රභාත් ජයසූරිය වාර්තා පොත් අතරට එක් විය. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ප්‍රභාත් ජයසූරිය ඉනීම් දෙක තුළදීම කඩුලු 6 බැගින් බිදහෙලීය.


පාකිස්තාන දෙවන ඉනීම තුළදීද කඩුලු 5ක් දවාගතහොත් පළමු ටෙස්ට් තරග දෙකෙහි ඉනීම හතර තුළදීම කඩුලු 5 බැගින් බිදහෙලූ ලොව ප්‍රථම පන්දු යවන්නා බවටද ප්‍රභාත් ජයසූරිය පත්වනු ඇත. එමෙන්ම පිට පිට ඉනීම් තුනකදී කඩුලු 5ක් බැගින් දවාගත් සිව්වන ශ්‍රී ලංකා පන්දු යවන්නා බවටද ප්‍රභාත් ජයසූරිය පත්වනු ඇත. මින් පෙර මුරලිදරන් , රංගන හා වාස් එම දක්ෂතාවය දක්වා ඇත.


පළමු ඉනීම් තුන තුළදී කඩුලු 5 බැගින් දවාගත් ක්‍රීඩකයන්

  1. ටොම් රිචර්ඩ්සන්

  2. සිඩ්නි බානස්

  3. ක්ලැරී ග්‍රිමෙට්

  4. රොඩ්නි හොග්

  5. නරේන්ද්‍ර හිර්වානි

  6. මෙහෙදි හසන් මිරාස්

  7. අක්ෂාර් පටෙල්

  8. ප්‍රභාත් ජයසූරිය


499 views0 comments