• Chathura Ramanayake

ප්‍රභාත් ජයසූරියගේ පන්දු යැවීම අද්විතීයයි. - පාකිස්ථාන නායක බාබර් අසාම්



ශ්‍රී ලංකාවත් පාකිස්තානයත් අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය ඊයේ දිනයේදී නිමාවුණේ අවසන් තරඟයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙමින්. කෙසේ නමුත් පළමු තරඟයේ ජයග්‍රහණය පාකිස්ථාන කණ්ඩායම සතු වූ නිසා තරඟාවලිය 1-1 ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුණා.


දෙවන තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැකවූ පාකිස්ථාන නායක බාබර් අසාම් දෙවැනි තරඟයේ පරාජයට බලපෑ හේතු මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ප්‍රේක්ෂකයින් පිළිබඳවද අදහස් පළකරනු ලැබුවා.


" අපිට තරඟය බේරගන්න අවස්ථාම තිබුණා. නමුත් සුළු අතපසුවීම් නිසා බිඳ වැටුණු කඩුළු හේතුවෙන් අපි තරඟය පරාජයට පත්වුනා. ඒ අයුරින් කඩුළු බිඳ වැටුණු නිසා අපි තරඟය අතර තුර දැඩි පීඩනයකට නතු වුණා. එවැනි පීඩනයක් හමුවේ තරඟයක් බේරගන්න අපහසුයි "

යනුවෙන් බාබර් තරඟය පිළිබඳ අදහස් දක්වනු ලැබුවා. එමෙන්ම තරඟාවලියේ වීරයා සම්මානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය පිළිබඳවත් බාබර් අසාම් අදහස් දක්වනු ලැබුවා.


" ප්‍රභාත් ජයසූරිය පන්දු යැවූ එල්ලය සහ පන්දු පතිත කරනු ලැබූ ආකාරය අද්විතීයයි. ඔහු නිවැරදි එල්ලකයක් සහ පන්දු පතිතයක් සහිතව එක දිගටම පන්දු යැව්වා. අනෙක් පන්දු යාවන්නන් වුණත් විශිෂ්ට අයුරින් පන්දු යැව්වා. "

යනුවෙන් ඔහු ප්‍රභාත් ජයසූරිය පිළිබඳව අදහස් පළකළා. ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් පිළිබඳව ඔහු පළකළේ මෙවන් අදහසක්.


" ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ඉදිරියේ ක්‍රීඩා කිරීම අතිශයින්ම විනෝදජනකයි. මොකද ඔවුන් තමන්ගේ කණ්ඩායමට වගේම ප්‍රතිවාදී කණ්ඩායමට වුවත් හොඳින් ක්‍රීඩාවේ යෙදෙද්දී සහයෝගය ලබා දෙනවා. "

අවසන් වශයෙන් සිය කණ්ඩායම සිය කණ්ඩායම දිනෙන් දින ඉදිරියට ගමන් කරන ආකාරය පිළිබඳ තමන් සතුටු වන බවත්, පන්දුවට පහරදීම, පන්දු යැවීම සහ පන්දු රැකීම යන සියලුම අංශ වලින් ශක්තිමක් ක්‍රීඩකයින් පිරිසක් සිටීම නිසා ඉදිරි තරඟාවලි වලට සාර්ථකව මුහුණ දියහැකි වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කර සිටියා

2,635 views0 comments