• Chathura Ramanayake

ප්‍රභල දකුණත් වේගපන්දු යවන්නා යළිත් ශ්‍රී ලංකා සංචිතයට


ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන බවට නායක දසුන් ශානක තහවුරු කොට ඇත. ආබාධයකට ලක්වීම හේතුවෙන් දුෂ්මන්ත චමීරට පසුගිය ආසියානු කුසලාන තරගාවලිය ද අහිමි විය.



වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් අතරතුර පාදයේ ආබාධයකට ගොදුරු විය. දුෂ්මන්ත චමීර වෙනුවට නුවන් ආසියානු කුසලාන සංචිතයට එක් කළද අවසන් ක්‍රීඩකයන් අතරට ඔහු ඇතුළත් නොවීය. චමීර වෙනුවට ආසියානු කුසලාන අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ප්‍රමෝද් මදුෂාන් එහිදී කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.


තිස් හැවිරිදි වියෙහි පසුවන දුෂ්මන්ත චමීර ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුළ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකි. ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 50කදී කඩුලු 48ක් බිදහෙලා ඇත. ඔහු සතු වේගය හා අත්දැකීම් ඕස්ට්‍රේලියානු වේගපන්දු තණතීරුවලදී ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇත.

200 views0 comments