• Chathura Ramanayake

ප්‍රභලයන් නොමැතිව සිම්බාබ්වේ යන ඉන්දීය සංචිතය !!!



සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියක් සදහා එක්වන ඉන්දීය සංචිතය අද දිනයේදී ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව මෙවර ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිවී ඇත්තේ ලෝකේෂ් රාහුල්ටයි. කණ්ඩායමේ උපනායකයා ලෙසින් ශිකර් ධවාන් කටයුතු කරනු ඇත.


සිම්බාබ්වේ තරග සංචාරයට නම් කළ ඉන්දීය සංචිතයට ප්‍රභල ක්‍රීඩකයන් රැසක් ඇතුලත් වී නොමැත. ඉන්දීය හිටපු නායක විරාට් කෝලි,වත්මන් සීමිත පන්දුවාර නායක රෝහිත් ෂර්මා, රිෂාබ් පාන්ට් හා රවීන්ද්‍ර ජඩේජා යන ක්‍රීඩකයන් මෙම තරගාවලියෙන් විවේක ගන්වා ඇත. සන්රයිසස් හයිද්‍රාබාද් ක්‍රීඩක රාහුල් ත්‍රිපාති ඉන්දීය සංචිතයට කැදවා ඇත. වොෂින්ටන් සුන්දර් හා දීපාක් චහර් ආබාධයන් සුවවීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායම සමගින් යළිත් එක්ව ඇත.


මේ අතර තරගාවලියට එක්වන සිම්බාබ්වේ සංචිතයද නම් කොට ඇත. ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය හිමිවී ඇත්තේ ‍රෙගිස් චකබාවාටයි. බංග්ලාදේශ තරගාවලියේදී විශිෂ්ඨ දස්කම් පෑ ශිකන්ධර් රාසාද මෙම කණ්ඩායමට ඇතුළත්ය.


ඉන්දීය සංචිතය

KL Rahul (c) Shikhar Dhawan (vc), Ruturaj Gaikwad, Shubman Gill, Deepak Hooda, Rahul Tripathi, Ishan Kishan (wicket-keeper), Sanju Samson (wicket-keeper), Washington Sundar, Shardul Thakur, Kuldeep Yadav, Axar Patel, Avesh Khan, Prasidh Krishna, Mohomad Siraj, Deepak Chahar


සිම්බාබ්වේ සංචිතය

Burl Ryan, Chakabva Regis (captain), Chivanga Tanaka, Evans Bradley, Jongwe Luke, Kaia Innocent, Kaitano Takudzwanashe, Madande Clive, Madhevere Wessly, Marumani Tadiwanashe, Masara John, Munyonga Tony, Ngarava Richard, Nyauchi Victor, Raza Sikandar, Shumba Milton, Tiripano Donald

1,293 views0 comments