• Chathura Ramanayake

ප්‍රබල පන්දු යවන්නන් අභිබවමින් අසිත ප්‍රනාන්දු කඩුලු ලාභීන් අතර පෙරමුණේ !!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ දිනයේදී නිමාවට පත් විය. ඒ අනුව මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට SLC Blues කණ්ඩායම හා SLC Reds කණ්ඩායමට හැකිවිය. තරගාවලියේ මූලික වටය අවසානයේදී වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයන් තරගාවලියේදී දැක්වූ දක්ෂතා පිළිබඳව මෙම ලිපියෙහි දැක්වේ.


තරගාවලියේ මූලික වටය තරග 6කින් සමන්විත වූ අතර සෑම කණ්ඩායමක්ම තරග 3 බැගින් ක්‍රීඩා කළහ. මූලික වටය අවසානයේදී වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ හිමිකරගැනීමට වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සමත් විය. අසිත ප්‍රනාන්දු ක්‍රීඩා කළ තරග 3හිදී කඩුලු 8ක් බිදහෙලන්නට සමත් වූයේ පන්දුවාරයකදී ලකුණු 6.58ක් ප්‍රතිවාදීන්ට ලබාදෙමිනි. තරගාවලියේ ඉනීමක හොදම පන්දු යැවීම වාර්තා කරන්නටද අසිත ප්‍රනාන්දු සමත් වූ අතර ඔහු Greys කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ලකුණු 22කට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.


තරගාවලියේ මෙතෙක් වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැන්නා බවට පත්ව ඇත්තේ වමත් දගපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමයි. ඔහු තරග 3 තුළදී කඩුලු 5ක් දවාගැනීමට සමත් වී ඇත. අසිත හා ප්‍රවීන් දෙදෙනාම අවසන් මහා තරගයට ක්‍රීඩා කරන නිසාවෙන් වැඩිම කඩුලු ලාභියා ලෙසින් තරගාවලිය අවසන් කිරීමේ අවස්ථාව ඔවුන් දෙදෙනාටම හිමි වී ඇත. මෙවර තරගාවලිය තුළදී කඩුලු 4 බැගින් දවාගත් පන්දු යවන්නන් ගණන හයකි. ඒ අනුව පුලින තරංග, ජෙෆ්‍රි වැන්ඩසේ, මුදිත ලක්ෂාන්, සුමින්ද ලක්ෂාන්, ලක්ෂාන් සදකැන් හා චාමික කරුණාරත්න කඩුලු 4ක් බැගින් දවාගෙන ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රභලතම දගපන්දු යවන්නන් දෙදෙනා වන වනිදු හා මහීෂ් මෙවර තරගාවලියේදී කඩුලු 3ක් දවාගෙන ඇත.


තරගාවලියේ මෙතෙක් වැඩිම කඩුලු ලාභීන්

ක්‍රීඩකයා

පන්දුවාර

කඩුලු

හොදම පන්දු යැවීම

​ දළ ලකුණු

අසිත ප්‍රනාන්දු

12.0

8

4/22

6.58

ප්‍රවීන් ජයවික්‍රම

12.0

5

3/13

6.08

පුලින තරංග

7.5

4

3/12

5.61

ජෙෆ්‍රි වැන්ඩසේ

9.0

4

3/12

5.00

මුදිත ලක්ෂාන්

8.3

4

3/17

5.88

සුමින්ද ලක්ෂාන්

11.0

4

2/22

5.54

ලක්ෂාන් සදකැන්

11.0

4

2/14

5.90

චාමික කරුණාරත්න

9.3

4

2/22

7.89


494 views0 comments