• Chathura Ramanayake

පාන්ඩ්‍යා ඉන්නව කියන්නෙ ඉන්දියාව 12ක් එක්ක සෙල්ලම් කරනව වගේ - මිකී ආතර්



ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා, ඉන්දීය ට්ගුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යාව දකුණු අප්‍රිකානු හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ජැක් කලිස් සමග සසඳා ඇත. ඊයේ දිනයේදී පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති ආසියානු කුසලාන විස්සයි විස්ස තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේද හර්දික් පාන්ඩ්‍යායි.


" හර්දික් පාන්ඩ්‍යා කණ්ඩායමේ ඉන්නව කියන්නෙ ඉන්දියාව ක්‍රීඩකයන් 12ක් එක්ක සෙල්ලම් කරා වගෙයි. මා දකුණු අප්‍රිකාවේ පුහුණුකරු ලෙස ඉද්දි අපිට ජැක් කෛස් සිටි ආකාරය මට යලිත් සිහිපත් වෙනවා."


" ඔහුගේ නායකත්වයේ පරිණත බව පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී මම දුටුවා.ඔහු තමන්ගෙ කණ්ඩායම හොදින් කළමනාකරණය කරමින් පීඩනය යටතේ ඉතා හොදින් ක්‍රීඩා කලා"


ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යා ඊයේ දිනයේදී පන්දු 17ක් තුළ නොදැවී ලකුණු 33ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය. ඔහු පන්දුවෙන්ද දස්කම් පාන්නට සමත් වූයේ ලකුණු 25ට ප්‍රතිවාදී කඩුලු 3ක් බිදහෙලමිනි.

2,303 views0 comments