• Shaminda Jayarathne

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා පළමු දිනයේ පදක්කම් සටහන

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේ පළමු දිනය අවසන් වද්දී පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වී තිබෙනවා. ඔවුන් දිනාගෙන සිටින රන් පදක්කම් සංඛ්‍යාව 8ක්. මීට අමතරව රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 4ක් ද ඔවුන්ට හිමියි. දෙවන ස්ථානයේ පසුවන නවසීලන්තය රන් පදක්කම් 3ක් රිදී පදක්කම් 3ක් සහ එක් ලෝකඩ පදක්කමක් හිමිකරගෙන සිටිනවා. තෙවන ස්ථානය එංගලන්තයට හිමියි. මේ වන විට එක පදක්කමක් හෝ ජයග්‍රහණය කිරීමට සමත් වූ රටවල් සංඛ්‍යාව 9ක් ලෙසින් සටහන් වනවා. පදක්කම් සටහන පහත පරිදි දැක්විය හැකියි.


  1. ඕස්ට්‍රේලියාව රන් 8 රිදී 4 ලෝකඩ 4

  2. නවසීලන්තය රන් 3 රිදී 3 ලෝකඩ 1

  3. එංගලන්තය රන් 2 රිදී 5 ලෝකඩ 2

  4. කැනඩාව රන් 1 රිදී 2 ලෝකඩ 1

  5. ස්කොට්ලන්තය රන් 1 රිදී 1 ලෝකඩ 4

  6. බර්මියුඩාව රන් 1 රිදී 0 ලෝකඩ 0

  7. වේල්සය රන් 0 රිදී 1 ලෝකඩ 1

  8. සයිප්‍රස් රන් 0 රිදී 0 ලෝකඩ 1

  9. උතුරු අයර්ලන්තය රන් 0 රිදී 0 ලෝකඩ 1


0 views0 comments