• Chathura Ramanayake

පොදු රාජ්‍යය මණ්ඩලීය තරගාවලිය සදහා එක්වන කාන්තා සංචිතය නම් කෙරේ !!!



මෙවර පොදු රාජ්‍යය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට කාන්තා ක්‍රිකට් ඉසව්ව ඇතුළත් කොට ඇත. විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වෙන තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම B කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය.


තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය අද දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය සුපුරුදු ලෙසින් චමරි අතපත්තුට හිමි වී ඇත. යොවුන් ක්‍රීඩිකා විශ්මි ගුණරත්නද පොදු රාජ්‍යය මණ්ඩලීය ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ය.


ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම

චමරි අතපත්තු (නායිකාව)

හෂිනි පෙරේරා

හර්ෂිතා සමරවික්‍රම

විශ්මි ගුණරත්න

මල්ෂා ශෙහානි

නිලක්ෂි ද සිල්වා

කවීෂා දිල්හාරි

අමා කාන්චනා

අචිනි කුලසූරිය

ඉනෝකා රණවීර

උදේශිකා ප්‍රබෝධනී

සුගන්දිකා කුමාරි

රශ්මි ද සිල්වා

ඕෂධී රණසිංහ

අනුෂ්කා සංජීවනී


ශ්‍රී ලංකා තරග කාලසටහන

ජූලි 30 - එංගලන්තයට එරෙහිව

අගෝස්තු 2 - නවසීලන්තයට එරෙහිව

අගෝස්තු 4 - දකුණු අප්‍රිකාවට එරෙහිව

13 views0 comments