• Chathura Ramanayake

පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ධජය ඉන්දික හා චමරිට !!!



පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සදහා එක්වන සාමාජිකයන් 169 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කළ ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය බර ඉසීලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායකට පැවරී ඇත.


මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ජූලි 28 සිට අගෝස්තු 8 දක්වා පැවැත්වේ. තරගාවලියේ සමාරම්භක උලෙළේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ වගකීම ඉන්දික දිසානායක හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුට පැවරෙනු ඇත.


ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තරග ඉසව් වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110ක් පමණ සහභාගී වීමට නියමිතය. එම තරග ඉසව් හා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව පහත පරිදිය.

Aquatics (3), Athletics (6), Badminton (6), Basketball (8), Beach Volleyball (4), Boxing (8), Gymnastics (8), Cricket Women (15), Judo (5), Para Athletics (1), Rugby (26), Squash (4), Weightlifting (10), Wrestling (6).  


ඒ අනුව එළඹෙන 25 වනදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 88 දෙනෙකු දිවයිනෙන් පිටත් වීමට නියමිතය. සෙසු ක්‍රීඩකයන් තරග ඉසව් ඉලක්කය කොට ගනිමින් තරගාවලිය වෙනුවෙන් එක්වනු ඇත.

22 views0 comments