
Chathura Ramanayake
පැතුම් නිස්සංක ටෙස්ට් සංචිතයෙන් නිදහස් කෙරේ !!

ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් නිදහස් කොට ඇත. ඒ අනුව පාකිස්තානයට එරෙහිව පැවැත්විණි දෙවන ටෙස්ට් තරගය වෙනුවෙන් පැතුම් ක්‍රීඩා නොකරපු ඇත
පැතුම් නිස්සංක ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනයේදී කොවිඩ් ආසාදිතයෙකු බවට වාර්තා වීම හේතුවෙන් ඔහුට පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගය ද අහිමි විය.
පැතුම් නිස්සංක ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙසින් කටයුතු කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේ පැතුම් නිස්සංකට තරමක විවේකයක් ගෙන යතා තත්වයට පත් වීම හා එළඹෙන ආසියානු කුසලාන, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් අවදානය යොමු කිරීමේ අරමුණින් ඔහුව සංචිතයෙන් නිදහස් කළ බවයි.