• Chathura Ramanayake

පාකිස්තාන ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයත් ගාල්ලට !!!



සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කොට ඇත. ඒ අනුව මින් පෙර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතව තිබූ දෙවන ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පවත්වනු ඇත.


මෙම තරගය ජූලි මස 24 සිට 28දක්වා පැවැත්වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා සදහන් කළේ පාකිස්තාන ක්‍රිකට් ආයතනය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය සදහා එකග වූ බවයි. දෙරට අතර පළමු ටෙස්ට් තරගයද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ විය.

5 views0 comments