• Chathura Ramanayake

පාකිස්තාන ප්‍රභලයෙකුටත් ආසියානු කුසලානය අහිමි වෙයි !!

Updated: Aug 21

පාකිස්තාන කණ්ඩායමේ ප්‍රභලතම වේගපන්දු යවන්නා වන ශහීන් අෆ්‍රිඩිටද එළඹෙන අසියානු කුසලාන තරගාවලිය අහිමි වන බව තහවුරු කොට ඇත. පසුගිය මස ශ්‍රී ලංකාව සමගින් පැවති ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේදී ඔහු ආබාධයකට ලක් විය.


එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කළ පාකිස්තාන සංචිතයේ ස්ථානය වේගපන්දු යවන ක්‍රීඩක හසන් අලීට අහිමි විය. නමුත් ශහීන් අෆ්‍රිඩි ආබාධයකට ලක්වීම හේතුවෙන් හසන් අලී පාකිස්තාන සංචිතයට කැදවනු ඇතැයි වාර්තා වෙයි.


පාකිස්තාන කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ මූලික වටයේ දී ඉන්දියාව හා සුදුසුකම් ලැබීමේ වටයේ ජයග්‍රාහකයන් සමගින් තරග වැදීමට නියමිතය.

536 views0 comments