• Chathura Ramanayake

පාකිස්තාන කණ්ඩායම පුහුණුවීම් අරඹයි !!



ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා එක් වන පාකිස්තාන ටෙස්ට් සංචිතය ඊයේ දිනයේදී සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කොට ඇත. පාකිස්තාන ටෙස්ට් සංචිතය ඊයේ දිනයේදී කොළඹ NCC ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් කටයුතු වල නිරත වී ඇත.


පාකිස්තානය එළඹෙන 11 සිට 13 දක්වා කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී තුන්දින පුහුණු තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතය. ඔවුන් ජූලි මස 14වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් කටයුතු නැවත ආරම්භ කරනු ඇත.


මේ අතර පාකිස්තාන කණ්ඩායමේ කාර්‍යමණ්ඩල සාමාජිකයෙකුහට කොවිඩ් ආසාදනය වී ඇති අතර ඔහු හුදකලා තත්වයේ රදවා ඇත. පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය ජූලි මස 16වනදා ආරම්භ වීමට නියමිතය.

0 views0 comments