• Chathura Ramanayake

පාකිස්තාන ආරම්භක පිතිකරණයේ වෙනසක් විය යුතුයි - මිකී ආතර්



ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරගයෙන් ඉන්දීය කණ්ඩායම හමුවේ කඩුලු 5කින් පරාජයට පත් වන්නට පාකිස්තාන කණ්ඩායමට සිදුවිය. මෙම තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සදහන් කොට ඇත්තේ ආරම්භක පිතිකරුවන්ගේ වෙනසක් සිදුවිය යුතු බවයි.පාකිස්තානය වමත් දකුණත් පිතිකරණ සුසංයෝගය ගොඩනැගීමට ෆකර් සමාන් ආරම්භක පිතිකරු ලෙසින් කැදවිය යුතු බව මිකීගේ අදහසයි.


පාකිස්තාන විස්සයි විස්ස කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලෙසින් 2021 වසරේ සිට කටයුතු කරනු ලැබූයේ බාබර් අසාම් හා මොහොමඩ් රිස්වාන්ය. ඔවුන් දෙදෙනා ඉනීම 24කදී ලකුණු 1247ක් පළමු කඩුල්ල වෙනුවෙන් රැස්කොට ඇත්තේ 54.21ක,පිතිකරණ සාමාන්‍යයක් රදවා ගනිමිනි. ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට ශතක සබදතා පහක්ද ගොඩනගා ඇත.


" මම හිතන්නෙ ඔවුන් බාබර් හා රිස්වාන් ආරම්භක පිතිකරණ ස්ථානයෙන් වෙන් කරන්න ඕන. ඔවුන් වමත් හා දකුණත් සුසංයෝගයක් භාවිතා කළ යුතුයි. ෆකර්ට පිටිය පුරා පහරවල් එල්ල කරන්න පුලුවන්. ඒක පන්දු යවන්නන් කලබලයට පත් කරනවා."


"මම පාකිස්තානය සමඟ සිටින විට අපි T20 ක්‍රිකට් වල වඩාත් සාර්ථක කාලයක් ගත කලා. මුලින් පන්දුවට පහර දී ලකුණු 160 ක් ලබා ගැනීමට අපව සකස් කරගත්තා. දැන් ඒ කණ්ඩායමයි වර්තමාන කණ්ඩායමයි අතර තියෙන වෙනස තමයි ඒ කාලෙ අපිට මොහොමඩ් හෆීස් සහ ෂොයිබ් මලික් හිටියා. දැන් ඉන්නෙ ඉතා තරුණ කණ්ඩායමක්. ඔවුන්ට වැඩි අත්දැකීමක් නෑ. වේලාසනින් කඩුලු තුනක් දවාගත් විට, මම හිතන්නේ ඔවුන් අමාරුවේ වැටෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මට, බාබර් සහ රිස්වාන් වෙන් කිරීමටත් ෆකාර් සමානන්ව නැවත ආරම්භක පිතිකරුවා කිරීමටත් අවශ්‍යයි"

122 views0 comments