• Chathura Ramanayake

පාකිස්තානය මෙවර ලෝක කුසලානයේදී භයානක කණ්ඩායමක් වේවි - ඉමාඩ් වසීම්



පාකිස්තාන කණ්ඩායම මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ඕනෑම ප්‍රතිවාදීයකුට භයානක කණ්ඩායමක් වනු ඇතැයි තමා විශ්වාස කරන බව තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් සදහන් කොට ඇත. නමුත් තරගාවලිය වෙනුවෙන් නිවැරදිම කණ්ඩායම තෝරා ගැනීම අතිශය වැදගත් බව ඉමාඩ් වසීම් සදහන් කොට ඇත.


අපි ඕනෑම ප්‍රතිවාදියෙකු භයානක කණ්ඩායමක් කියන දේ ගැන කිසිදු සැකයක් නෑ. ඕස්ට්‍රේලියානු තණතීරුවල වඩාත් තරගකාරී හා සාර්ථක වීමට අපේ ක්‍රීඩකයන් ක්‍රමයක් සොයාගනීවි.නමුත් මෙසේ කළ හැකිවන්නේ තේරීම් කමිටුව නියමිත ස්ථාන වල ක්‍රීඩා කිරීමට සුදුසු ක්‍රීඩකයන් තේරුවොත් විතරයි."

නමුත් විස්සයි විස්ස තරග වලදී සිදුවන කුඩා වරදකින් වුවද තරගය පරාජයට පත් විය හැකොයි. එම නිසා පාකිස්තානයට තර්ජනයක් බවට පත්වන කණ්ඩායමක් සදහන් කිරීම අසීරුයි. තර්ජනයක් වන ප්‍රධාන කණ්ඩායම් අතරට ඕස්ට්‍රේලියාව , ඉන්දියාව , එංගලන්තය , දකුණු අප්‍රිකාව , නවසීලන්තය , බටහිර ඉන්දීය කොදෙව් හා ඇෆ්ගනිස්තානය යන රටවල් ඇතුළත් කරන්න පුලුවන්. නමුත් තරග ආකෘතියේ ස්වභාවය අනුව ඒ පිළිබඳව අනාවැකි කියන්න බෑ " යනුවෙන් ඉමාඩ් වසීම් සදහන් කොට ඇත.

පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 10කින් පරාජයට පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉමාඩ් වසීම් සදහන් කළේ එන ජයග්‍රහණය විශ්මයජනක බවයි.


එදින ඉන්දියාවට නරක දවසක්. මම විශ්වාස කරනවා ඔවුන් මෙවර ශක්තිමත්ව පැමිණේවි කලින් අවස්ථාවේ පළිය ගැනීමට. එම නිසා එදිනට අපි ධනාත්මකව සිටිය යුතුයි තරගය ජයග්‍රහණය කිරීමට. මම හිතනවා ලෝක කුසලාන අවසන් සංචිතයට මාවත් ඇතුළත් වෙයි කියලා. පාකිස්තාන ක්‍රිකට් වෙනුවෙන් මගේ උපරිමය ලබා දෙන්න පුලුවන්. මම හිතනවා මට තරාගාවලියේදී හොදින් දස්කම් දක්වන්න පුලුවන් වෙයි කියලා." ලෙසින් ඉමාඩ් වසීම් අදහස් දැක්වීය.

0 views0 comments