• Chathura Ramanayake

පාකිස්තානය කල් තියාම ආසියානු කුසලාන සංචිතය නම් කරයි !!



එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සදහා මෙන්ම අයර්ලන්තය සමගින් පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතයන් අද දිනයේදී නම් කොට ඇත. ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක්වූ ශහීන් අෆ්‍රිඩි මෙම තරගාවලිය ද්විත්වයම වෙනුවෙන් නම් කළ සංචිතයන්ට ඇතුළත්ය. ආසියානු කුසලාන තරගාවලිය හා නෙදර්ලන්තයට එරෙහි ලෝක කුසලාන සුපර් ලීග් වටයේ එක්දින තරගාවලිය වෙනුවෙන් පාකිස්තාන කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ බාබර් අසාම් විසිනි.


එමෙන්ම වේගපන්දු යවන ක්‍රීඩක නසීම් ශාහ්ද තරගාවලි ද්විත්වයම වෙනුවෙන් නම් කෙරුනු පාකිස්තාන සංචිතයට ඇතුළත්ය. නෙදර්ලන්ත තරගාවලිය වෙනුවෙන් ඇතුළත් ක්‍රීඩකයන් 5 දෙනෙකු ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා නොකරන අතර ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ඔවුන් වෙනුවට අසිෆ් අලී , හයිඩර් අලි, ඉෆ්තිකාර් අහමඩ් හා උස්මාන් කාදර් පාකිස්තාන සංචිතයට ඇතුළත් කොට ඇත.


ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කළ පාකිස්තාන විස්සයි විස්ස සංචිතය

Babar Azam (c), Shadab Khan, Asif Ali, Fakhar Zaman, Haider Ali, Haris Rauf, Iftikhar Ahmed, Khushdil Shah, Mohammad Nawaz, Mohammad Rizwan, Mohammad Wasim Jnr, Naseem Shah, Shaheen Shah Afridi, Shahnawaz Dahani, Usman Qadir


නෙදර්ලන්තයට එරෙහි එක්දින තරගාවලියට නම් කළ පාකිස්තාන එක්දින සංචිතය

Babar Azam (c), Shadab Khan, Abdullah Shafique, Fakhar Zaman, Haris Rauf, Imam-ul-Haq, Khushdil Shah, Mohammad Haris, Mohammad Nawaz, Mohammad Rizwan, Mohammad Wasim Jnr, Naseem Shah, Salman Ali Agha, Shaheen Shah Afridi, Shahnawaz Dahani, Zahid Mehmood

0 views0 comments