• Chathura Ramanayake

පාකිස්තානය අද තරගය පුහුණු තරගයක් ලෙස නොසලකාවි - පියල් විජේතුංග

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ අවසන් තරගය අද දිනයේදී පැවැත්වෙයි. ඒ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතරයි. මෙම තරගය පිළිබඳව ශ්‍රී ලංකා දගපන්දු පුහුණුකරු පියල් විජේතුංග අදහස් දක්වා ඇත.


" අපි මේ තරගය බැරෑරුම් විදියට ගන්නවා. පාකිස්තානය කියන්නෙ ලෝකෙ ඉන්න හොදම කණ්ඩායමක්. මේ තරගයත් සාමාන්‍ය තරගයක් විදියටයි අපි සලකන්නේ. මෙම තරගය සැහැල්ලුවට ගන්නෑ අපි. ප්‍රතිවාදීන්ට කවුරු උනත්,අවසන් තරගයට සුදුසුකම් ලබා තිබුණත් මෙතෙක් රැගෙන ආපු රිද්මය නවත්තගන්න කැමති නෑ. මෙම තරගයේ තීරණය හා ක්‍රීඩා කරන විදිය අවසන් මහා තරගයට බලපානවා. ඒ නිසා අපි සාමාන්‍ය තරගයක් විදියටම ක්‍රීඩා කරනවා."

" පාකිස්තානයත් අද තරගය පුහුණු තරගයක් විදියට සලකයි කියල මම හිතන්නෑ. මොකද ක්‍රිකට් වල ලබාගත්ත රිද්මය බිදහෙලාගන්න කැමති නෑ. අපි අද තරගයට ක්‍රීඩා කරන විලාසයේ කිසිම වෙනසක් වෙන්නෑ."

වසර අටකට පසුව ආසියානු කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබීම සම්බන්ධයෙන් පියල් විජේතුංග අදහස් දක්වා ඇත.


" මම හිතන්නෙ පුහුණුකරුවෙක් හැටියටත් ශ්‍රී ලාංකිකයෙක් හැටියටත් ඒ හැඟීම ගැන කියල නිමකරන්න බෑ. 2015න් පස්සෙ කණ්ඩායමේ ලොකු පසුබිමක් තිබ්බා. අපි දැං සෑහෙන්න දිගු ගමනක් ඇවිල්ලා තියෙනවා.දිල්ෂාන් මොන වගේ ක්‍රීඩකයෙක්ද කියන්න අපි දැනන් හිටියා. ඔහුට දිග ගමනක් ඉස්සරහට යන්න තියෙනවා."

" අපි තරගාවලියට එද්දි අපිට බලාපොරොත්තුවක් තිබ්බා අපි අවසන් තරගයට එනවා කියන දේ. ඒත් අපිට දැන් අලුත් බලාපොරොත්තුවක් තියෙනවා ආසියානු කුසලානය ජයග්‍රහණය කරන්න. අපි 2014 වෙනකල් ගොඩක් සාර්ථක කණ්ඩායමක්. අපි මේ තරගාවලිය දිනලා අලුත් ගමනක් ආරම්භ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ."

1,206 views0 comments