• Chathura Ramanayake

පාකිස්තානයට එරෙහිව තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය !!



සංචාරක පාකිස්තාන කණ්ඩායම සමගින් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව ඕස්ට්‍රේලියානු සංචිතයට ඇතුළත් වූ වමත් දගපන්දු යවන ක්‍රීඩකයන් දෙපල වන ලසිත් ඇඹුල්දෙණිය හා ප්‍රවීන් ජයවික්‍රම පාකිස්තානයට එරෙහි ටෙස්ට් සංචිතයට ඇතුළත් වී නොමැත.


ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ප්‍රභාත් ජයසූරිය හා දුනිත් වෙල්ලාලගේ එක් කොට ඇත. ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය අතරතුර කොවිඩ් ආසාදනය වූ ක්‍රීඩකයන් සියල්ලම යළිත් ශ්‍රී ලංකා සංචිතය සමගින් එක්වී ඇත. පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලිය එළඹෙන ජූලි 16වනදා ආරම්භ වීමට නියමිතය. පළමු තරගය ජූලි 16 සිට 20 දක්වා ගාල්ලේදීද දෙවන තරගය ජූලි 24 සිට 28 දක්වා කොළඹදීද පැවැත්වෙයි.


ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය


Dimuth Karunaratne (capt), Pathum Nissanka, Oshada Fernando, Angelo Mathews, Kusal Mendis, Dhananjaya de Silva, Kamindu Mendis, Niroshan Dickwella (wk), Dinesh Chandimal (wk), Ramesh Mendis, Maheesh Theekshana, Kasun Rajitha, Vishwa Fernando, Asitha Fernando, Dilshan Madushanka, Prabath Jayasuriya, Dunith Wellalage, Jeffrey Vandersay

29 views0 comments