• Chathura Ramanayake

පාකිස්තානයට එරෙහි පුහුණු තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ !!!



සංචාරක පාකිස්තාන කණ්ඩායම සමගින් පැවැත්වෙන පුහුණු තුන්දින තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කොට ඇත.ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත  මෙම කණ්ඩායමේ නායකත්වය යොවුන් ක්‍රීඩක නිපුන් ධනංජයට හිමි වී ඇත.


මීට අමතරව කඩුලු රකින ක්‍රීඩක නිෂාන් මදුෂ්ක, අශේන් බණ්ඩාර, නුවනිදු ප්‍රනාන්දු, ලක්ෂිත මානසිංහ යන ක්‍රීඩකයන්ද මෙම ක්‍රීඩකයන් 15 දෙනා අතරට ඇතුළත්ය. පාකිස්තාන කණ්ඩායම සමගින් පැවැත්වෙන මෙම තුන්දින පුහුණු තරගය හෙට(11) සිට කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.


පුහුණු තරගය වෙනුවෙන් නම් කළ ශ්‍රි ලංකා සංචිතය


Lahiru Udara

Nishan Madushka (WK)

Nuwanidu Fernando

Sadeera Samarawickrama

Nipun Dananjaya – Captain

Sahan Arachchige

Chamika Karunaratne

Lakshitha Manasinghe

Praveen Jayawickrama

Dilshan Madushanka

Pramod Madushan

Lasith Embuldeniya

Udith Madushan

Minod Bhanuka

Ashen Bandara

28 views0 comments