• Shaminda Jayarathne

පළමු දිනයේ වැඩි වාසි දකුණු අප්‍රිකානුවන්ට!

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ආරම්භ වුණ පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනය ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේදී වර්ෂාව නිසා නවතා දමන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 6ක් බිඳ වැටී ලකුණු 116 ක් ලබාගෙන ඉතා අසීරු තත්ත්වයකට පත්ව සිටියා.


තරඟයේ ආරම්භයේ පටන්ම දකුණු අප්‍රිකානු වේග පන්දු යවන බලඇණිය හමුවේ එංගලන්ත කඩුලු එකින් එක බිඳ වැටී ගියා. පිතිකරුවන් අතරින් ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට හැකියාව ලැබුණේ ඔලී පෝප් ට සහ බෙන් ස්ටෝක්ස් හට පමණයි. බෙන් ස්ටෝක්ස් ලකුණු 20ක් රැස් කළා.


තවදුරටත් එංගලන්ත කණ්ඩායමේ ගැලවුම්කරු බවට පත්ව සිටිනා ඔලී පෝප් පන්දු 87 කදී හතරේ පහර 4ක් ද සමග නොදැවී ලකුණු 61ක් රැස්කරගෙන සිටිනවා. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් අන්රික් නෝකියේ කඩුලු 3ක් සහ කාගිසෝ රබාඩා කඩුලු 2ක් බිඳ හෙලුවා. අද තරඟයේ දෙවන දිනයයි.


තරඟ සාරාංශය


එංගලන්තය පළමු ඉනිම 116-6 (32)

ඔලී පෝප් 61(87)*, බෙන් ස්ටෝක්ස් 20(30)

අන්රික් නෝකියේ 43/3, කාගිසෝ රබාඩා 36/2

63 views0 comments