• Chathura Ramanayake

පරාජයක් දෙකක් ගැන කණගාටු වෙන්නෙ නෑ - සෞරව් ගංගුලි


ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතරේ වටයේදී අහිමිරි පරාජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම පසුගිය දා ඕස්ට්‍රේලියාව හමුවේ ද පරාජයට පත් විය. ආසියානු කුසලානය ඇතුළු ප්‍රමුඛ තරගාවලීන්හිදී හොදින් දස්කම් දැක්වීමට නොහැකි වීම කණස්සල්ලට හේතුවක් බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති සෞරව් ගංගුලි සදහන් කොට ඇත. සව්රව් ගංගුලි රෝහිත් ෂර්මාගේ නායකත්ව දක්ෂතාවය අගය කළ අතර රාහුල් ඩ්‍රාවිඩ් කෙරෙහිද තමා විශ්වාසය තබන බව සදහන් කොට ඇත.


රෝහිත් ෂර්මාගේ ජයග්‍රාහී ප්‍රතිශතය 80කට ආසන්නය. ඉන්දියාව පසුගිය තරග තුන-හතර පරාජය වුණා. නමුත් ඊට කලින් ඔහු තරග 35-40 කදී නායකත්වය දැරූ තරග පහක් හෝ හයක් පමණයි පරාජය වෙලා තියෙන්නෙ"
“රෝහිත් සහ රාහුල් ඩ්‍රාවිඩ් කණ්ඩායම සහ සෑම දෙයක් ගැනම සැලකිලිමත් වෙනවා  ඔවුන් දියුණු වනු ඇතැයි මට විශ්වාසයි.  පැරදුණු තරග එක දෙක ගැන මම දුක් වෙන්නේ නැහැ, නමුත් අපි ප්‍රමුඛ පෙලේ තරඟාවලිවල හොඳින් දස්කම් දැක්වූයේ නැහැ.
“ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන T20 ලෝක කුසලානය සඳහා අපි සති දෙක තුනකට කලින් පිටත්ව යනවා. එවිට පුහුණු තරගවලට ක්‍රීඩා කිරීමට කාලය ලැබෙනවා.

ආසියානු කුසලාන තරගාවලිය තුළ ඉන්දීය හිටපු නායක විරාට් කෝලි දැක්වූ දක්ෂතා සම්බන්ධයෙන් ද සව්රව් ගංගුලි අදහස් දක්වා ඇත.

විරාට් ආසියානු කුසලානයේදී හොඳින් දස්කම් දැක්වීම ඉතා හොඳ පුවතක්.ඔහු එම රිදමය  ඉදිරියටත් පවත්වා ගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

139 views0 comments