• Chathura Ramanayake

පන්දු සියයේ වේගවත්ම ශතකය අවාසනාවන්ත ලෙසින් මාලන්ගෙන් ගිලිහෙයි



The Hundred තරගාවලියේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට තිබූ අවස්ථාව එංගලන්ත ක්‍රීඩක ඩේවිඩ් මාලන්ට අවාසනාවන්ත ලෙසින් අහිමි විය. ඊයේ දිනයේදී Manchester Originals කණ්ඩායම සමගින් පැවති තරගයේදී ශතකයක් වාර්තා කිරීමට තිබූ අවස්ථාව ඩේවිඩ් මාලන්ට අහිමි විය. පන්දු 6ක් ඉතිරිව තිබියදී තරගය ජයග්‍රහණය කිරීමට Trent Rockets කණ්ඩායමට හැකිවීම නිසාවෙන් ඩේවිඩ් මාලන්ට මෙලෙසින් ශතකය අහිමි විය.


මැන්චෙස්ටර්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ට්‍රෙන්ට් රොකට්ස් කණ්ඩායම පළමුව පන්දු යැවීම තෝරාගත්හ. ඒ අනුව පිටියට පිවිසෙන මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායම පන්දු 100 තුළදී තුළ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 189ක්‍ රැස්කළහ. ආරම්භක පිතිකරු පිල් සෝල්ට් පන්දු 46කදී හතරේ පහර 6ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 70ක් නොදැවී රැස්කළේය. නායක ජෝස් බට්ලර් පන්දු 25කදී ලකුණු 41ක් රැස්කළේය. සෙසු පිතිකරුවන් වූ ලෞරි ඊවන්ස් පන්දු 11කදී ලකුණු 26ක්ද ට්‍රිස්ටන් ස්ටබ්ස් පන්දු 10කදී ලකුණු 27ක් හා ඇන්ඩ්‍ර්‍ර රසෙල් පන්දු 10කදී ලකුණු 16ක් රැස්කළහ. පන්දු යැවීමේදී සමිට් පටෙල් ලකුණු 20ට කඩුලු 2ක් බිදහෙලීය.


දැවැන්ත ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ට්‍රෙන්ට් රොකට්ස් කණ්ඩායමේ ආරම්භක කඩුල්ලට ලකුණු 85ක් එක් කරන්නට ඇලෙක්ස් හෙල්ස් හා ඩේවිඩ් මාලන්ට හැකිවිය.හේල්ස් පන්දු 20කදී ලකුණු 38ක් රැස්කළේය. අනතුරුව ටොම් කැඩ්මෝර් හා ඩේවිඩ් මාලන් අතර දෙවන කඩුල්ලට ලකුණු 76ක සබදතාවක් ගොඩ නැගුනි. ටොම් කැඩ්මෝර් පන්දු 17කදී ලකුණු 30ක් රැසකළේය.ට්‍රෙන්ට් රොකට්ස් කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දු 10 තුළ ලකුණු 8ක් පමණක් අවශ්‍ය විය.


ඉනීමේ 92වන පන්දුවේදී 6 පහරක් එල්ල කළ මාලන්ට මීළග පන්දුවේදී එක් ලකුණක් පමණි රැස්කිරීමට හැකිවිය. ඒ වන විටත් කණ්ඩායම් දෙකෙහිම ලකුණු සම තත්වයේ පැවතිණි. මීළග පන්දුවට කොක්බේන් හතරේ පහරක් එල්ල කළ නිසාවෙන් ඒ වන විට පන්දු 44කදී ලකුණු 98ක් රැස්කොට සිටි ඩේවිඩ් මාලන්ට අවාසනාවන්ත ලෙසින් ශතකය අහිමි විය. තරගයේ වීරයා ලෙසින් ඩේවිඩ් මාලන් සම්මාන ලබද්දී ඔහුගේ ඉනීම හතරේ පහර 3කින් හා හයේ පහර 9කින් වර්ණවත් විය. The Hundred තරගාවලියේ තවමත් එක් ශතකයක් පමණක් වාර්තා වී ඇති අතර මෙම ඉනීම ශතකයක් බවට පරිවර්තනය වූයේ නම් එය තරාගාවලි ඉතිහාසයේ වේගවත්ම ශතකය බවට පත්වනු ඇත. මින් පෙර ශතකය රැස්කළ විල් ස්මීඩ් පන්දු 49කදී ශතකය රැස්කිරීමට සමත් විය.


MANCHESTER ORIGINALS: 189/3(100 Balls)

Phil Salt *70 (46), Jos Buttler 41 (25) Samit Patel 2/20 (20), Tabraiz Shamsi 1/45 (20)


TRENT ROCKETS: 193/2(94 Balls)

Dawid Malan *98 (44), Alex Hales 38 (20) Tom Hartley 1/24 (20), Matt Parkinson 1/36 (15)

2,793 views0 comments