• Chathura Ramanayake

පන්දු සියයේ පළමු ශතකය විසි හැවිරිදි ක්‍රීඩකයෙකුගෙන් !!!



එංගලන්තය විසින් ක්‍රිකට් පිටියට හදුන්වා දුන් තරග ආකෘතිය වන The Hundred තරගාවලියේ දෙවන අදියර මේ දිනවලදී පැවැත්වෙයි. The Hundred තරග ඉතිහාසයේ පළමු ශතකය ඊයේ දිනයේදී වාර්තා විය. එම ශතකය වාර්තා කිරීමට සමත් වූයේ විසි හැවිරිදි වියෙහි පසුවන විල් ස්මීඩ් සමත් විය.


ඒ ඊයේ දිනයේදී පැවති බර්මින්ග්හැම් පියෝනික්ස් කණ්ඩායම හා සදරන් බ්‍රේව් කණ්ඩායම අතර තරගයේදී මෙම ඉතිහාසගත ශතකය වාර්තා කරන්නට විල් සීම්ඩ්ට හැකිවිය. මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් සදරන් බ්‍රේව් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කලහ. ඒ අනුව ඊයේ දිනයේදී ශතකය රැස්කළ විල් ස්මීඩ් ඉනීම ආරම්භ කරමින් පිටියට පිවිසියේය.


ඔහු පන්දු 25ක් තුළදී සිය අර්ධ ශතකය රැස්කළේය. ඉනීමේ 99වන පන්දුවේදී The Hundred ඉතිහාසයේ පළමු ශතකය වාර්තා කිරීමට විල් ස්මීඩ්ට හැකිවිය. ඔහු පන්දු 49ක් තුළදී ශතකය වාර්තා කළ අතර ඉනීම අවසානයේදී පන්දු 50ක් තුළදී නොදැවී ලකුණු 101ක් රැස්කිරීමට ඔහුට හැකිවිය. විල් ස්මීඩ්ගේ ඉනීමට හතරේ පහර 8ක් හා හයේ පහර 6ක් ඇතුළත් විය.


මින් පෙර The Hundred තරගාවලියේ ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණ බවට පත්වූයේ 2021 තරගාවලියේදී ලියම් ලිවින්ග්ස්ටන් රැස්කළ ලකුණු 92යි. විල් ස්මීඩ්ගේ ශතකයත් සමගින් බර්මින්ග්හැම් පියෝනික්ස් කණ්ඩායම පන්දු 100 කඩුලු 4කට ලකුණු 176ක් රැස්කිරීමට සමත් විය. මෙම ලකුණු සංඛ්‍යාව මෙවර තරගාවලියේදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු ගණනයි. ප්‍රතිවාදී සදරන් බ්‍රේව් කණ්ඩායම පන්දු 85ක් තුළදී සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 123ක් පමණි. පන්දු යැවීමේදී හෙන්රි බෲක්ස් පන්දු 20 තුළදී ලකුණු 25කට කඩුලු 5ක් දවාගැනීමට සමත් විය.


BIRMINGHAM PHOENIX (MEN) : 176/4(100 Balls)

Will Smeed *101 (50), Liam Livingstone 21 (20) Marcus Stoinis 1/12 (10), Chris Jordan 1/29 (20)


SOUTHERN BRAVE (MEN) : 123/10(85 Balls)

Alex Davies 33 (24),  Ross Whiteley 18 (12) Henry Brookes 5/25 (20), Kane Richardson 3/19 (15)

3,382 views0 comments