• Chathura Ramanayake

පන්දු යවන තරමටම මම මුරලි දෙස බලලා තියෙනවා - සුනිල් නරායන්



බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තලයේ දක්ෂතා දැක්වූ කළ දඟපන්දු යවන්නන් අතර කැපී පෙනන පෙනෙන ක්‍රීඩකයෙකු ලෙසින් සුනිල් නරායන් හැදින්විය හැකිය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පමණක් නොව ලොව පුරා ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීග තුළද විශිෂ්ඨ දස්කම් පාන්නට සුනිල් නරායන් සමත් වී ඇත.


කොදෙව් ක්‍රීඩක සුනිල් නරායන් සිය මුල් කාලසීමාවේදී මුත්තයියා මුරලිදරන්ගේ පන්දු යැවීම පිළිබඳව අධ්‍යයන කළ බව සදහන් කොට ඇත. ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ඨතම දගපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් පන්දු යවන ආකාරයට පන්දු යැවීමට පුරුදු වූ ආකාරය හා මුල් අවධියේදී මුරලිදරන්ගේ පන්දු සංකලනයන් පුරුදු වීමට උත්සාහ කළ ආකාරය පිළිබඳව සදහන් කොට ඇත. සුනිල් නරේන් වසර ගණනාවක් පුරා ප්‍රමුඛ පෙළේ පිතිකරුවන් රැසකට තර්ජනයක් වූ පන්දු යවන්නෙකු ලෙසින් ප්‍රචලිත විය.


" ඔහු පන්දුව දෙපැත්තටම දඟ කවනවා. කැරිබියන් දූපත් වල එය දුෂ්කර දෙයක්. දඟ පන්දු යවන තරමටම, මම මුත්තයියා මුරලිදරන් දෙස බලලා තියෙනවා. ඔහු පන්දුව දෙපැත්තටම දඟ කවනවා. නමුත් මුලදී එය දුෂ්කර වුණා. බටහිර ඉන්දීය කොදෙව් පිලට ඒ වන විට අඛණ්ඩව ක්‍රීඩා කළ දඟපන්දු යවන්නන් සිටියේ නෑ."


ක්‍රිකට් ක්‍රීඩාවේ තමගේ ප්‍රියතම අංගය පිතිකරණය බව සුනිල් නරායන් සදහන් කොට ඇත. විස්සයි විස්ස ලීග් පිටියේදී ප්‍රහාරාත්මක පිතිකරු ලෙසින් දක්ෂතා දක්වනට සුනිල් නරායන් සමත්වී ඇත.


“ඇත්තම කියනවා නම් ක්‍රිකට් ක්‍රීඩාවේ මගේ ප්‍රියතම අංශය එදත් අදත් පිතිකරණයයි. ඒත් මම ක්‍රීඩා කළ පළමු සිව්දින තරගයකදී කඩුලු 14ක් දවා ගත්තා. නමුත් මට පන්දුවට පහර දීමට හැකි බව ට්‍රිනිඩෑඩ් වල මිනිසුන් දන සිටියා.එතනින් තමයි මම "අභිරහස්” පන්දු යවන්නෙක් වුණේ,” ඔහු වැඩිදුරටත් පැවසීය.

137 views0 comments