• Chathura Ramanayake

නිෂාන් මධුෂ්කගේ නොනවතින ශතක මල්ලට තවත් ශතකයක් !!


අන්තර් සමාජ තුන් දින තරගාවලියේ තවත් තරග 12ක් අද දිනයේදී ආරම්භ විය. මේ දක්වා පැවති තරග අතුරින් එක් එක් කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණෙහි රැදෙන්නේ කොළඹ ක්‍රීඩා සමාජය හා ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයයි.


අද දිනයේදී ආරම්භ වූ තරග අතුරින් පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තරගයේදී විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට රාගම ක්‍රීඩා සමාජයේ නිෂාන් මදුෂ්ක සමත් විය. ඒ අනුව ඔහු අඛණ්ඩව අවසන් වරට පළමු පෙළ ක්‍රීඩා කළ ඉනීම් 6න් 5කදීම ශතක වාර්තා කොට ඇත. මින් පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වූ කුමාර් සංගක්කාර හා රොමේෂ් කලුවිතාරණ පමණක් අඛණ්ඩව ඉනීම් 6ක් තුළදී ශතක 5ක් රැස්කොට තිබුණි.


නිෂාන් මදුෂ්ක අද දිනයේදී ලකුණු 125ක් රැස්කළ අතර එස් එස් සී ක්‍රීඩා සමාජය නියෝජනය කරන නුවනිදු ප්‍රනාන්දු ද අද දිනයේදී ලකුණු 72ක් රැස්කිරීමට සමත් විය. මීගමුව ක්‍රීඩා සමාජයේ ඇන්ජිලෝ ජයසිංහ නොදැවී ලකුණු 113ක් රැස්කොට සිටින අතර එම ක්‍රීඩා සමාජයේම ජටින් සක්සෙනා ලකුණු 111ක් රැස්කිරීමට සමත් විය. ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ උදයවංශ පරාක්‍රම ලකුණු 119ක් හා මොවින් සුබසිංහ ලකුණු 114ක් රැස්කළහ.


යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ශෙහාන් ප්‍රනාන්දු දිනය අවසානයේදී නොදැවී ලකුණු 116ක් රැස්කළ අතර තුලින දිල්ෂාන් ලකුණු 111ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී තරිඳු රත්නායක, සුවත් මෙන්ඩිස් හා රගු ශර්මා කඩුලු 5 බැගින් දවාගත් අතර ලසිත් ඇඹුල්දෙණිය, රවීන් ද සිල්වා අද දිනයේදී කඩුලු 4ක් බැගින් දවාගැනීමට සමත් විය





එස් එස් සී ක්‍රීඩා සමාජය හා බී ආර් සී ක්‍රීඩා සමාජය අතර


එස් එස් සී පළමු ඉනීම : 354/9

නුවනිදු ප්‍රනාන්දු 72, කවිදු නදීෂාන් 70*, නිපුන් ධනංජය 54

දුවිදු තිලකරත්න 3/69, දුෂාන් හේමන්ත 3/97


මීගමුව ක්‍රීඩා සමාජය හා එන් සී සී ක්‍රීඩා සමාජය අතර


මීගමුව පළමු ඉනීම : 340/9

ඇන්ජෙලෝ ජයසිංහ 113*, ජටින් සක්සෙනා 111

ලසිත් ඇඹුල්දෙණිය 4/126, අශේන් ඩැනියෙල් 2/62


රාගම ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර


රාගම පළමු ඉනීම : 307/4

නිෂාන් මදුෂ්ක 125, ජනිත් ලියනගේ 71

සුපුන් මධුසංඛ 2/49


නාවික හමුදා ක්‍රීඩා සමාජය හා නුගේගොඩ ක්‍රීඩා සමාජය අතර


නාවික හමුදා පළමු ඉනීම : 180/10

අදීෂ නානායක්කාර 93

සුවත් මෙන්ඩිස් 5/49, සහන් නානායක්කාර 4/66


නුගේගොඩ පළමු ඉනීම : 112/2

අභිෂේක් ලියනාරච්චි 60, නයන ප්‍රනාන්දු 46*


ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර


ගුවන් හමුදා පළමු ඉනීම : 438/9

උදයවංශ පරාක්‍රම 119, මොවින් සුබසිංහ 114, මධුෂාන් රවිචන්ද්‍රකුමාර් 58

ඉවන්ක සංජුල 3/87, නිමේෂ් විමුක්ති 3/151


කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය හා සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර


කුරුණෑගල යූත් පළමු ඉනීම : 239/10

අසන්ත බස්නායක 61, රන්දීර රණසිංහ 48

තරිඳු රත්නායක 5/93, ශෂ්‍රික පුස්සෙගොල්ල 1/15


සෙබස්තියනයිට්ස් පළමු ඉනීම : 13/0


යුධ හමුදා ක්‍රීඩා සමාජය හා බදුරලිය ක්‍රීඩා සමාජය අතර


යුධ හමුදා පළමු ඉනීම : 342/5

ශෙහාන් ප්‍රනාන්දු 116*, තුලින දිල්ෂාන් 111

චලන ද සිල්වා 2/67


සැරසන්ස් ක්‍රීඩා සමාජය හා ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය අතර


සැරසන්ස් පළමු ඉනීම : 253/10

සිතාර ගිම්හාන් 89, නවිදු විතානගේ 66

ශිරාන් ප්‍රනාන්දු 4/33, රවීන් ද සිල්වා 4/53


ටැමිල් යුනියන් පළමු ඉනීම : 10/0


ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය හා හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය අතර


ඒස් කැපිටල් පළමු ඉනීම : 282/9

රොෂාන් ජයතිස්ස 73, ස්වප්නිල් අනිල් 63, තනුක දාබරේ 62

ලසිත් ලක්ෂාන් 4/65, රජින්ද පුංචිහේවා 2/20


ලන්ක්න් ක්‍රීඩා සමාජය හා කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අතර


ලන්ක්න් පළමු ඉනීම : 228/5

කසුන් අබේරත්න 65*, දේශාන් ඩයස් 61

දුනිත් වෙල්ලාලගේ 3/39


කලුතර නාගරික ක්‍රීඩා සමාජය හා ගාල්ල ක්‍රීඩා සමාජය අතර


කලුතර නාගරික පළමු ඉනීම : 190/10

කෝසල රවිදු 75

රගු ශර්මා 5/52, කවිදු එදිරිවීර 1/0


ගාල්ල පළමු ඉනීම : 158/3

සමීන් කදානෙආරච්චි 71, විනුර දුල්සර 45*

තරිඳු සිරිවර්ධන 2/27


කොළඹ ක්‍රීඩා සමාජය හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර


කොළඹ පළමු ඉනීම : 249/10

ලසිත් අබේරත්න 73, කමිදු මෙන්ඩිස් 59

ප්‍රවීන් ජයවික්‍රම 3/71, තිලංග උදේෂන 2/29


මුවර්ස් පළමු ඉනීම : 35/0

114 views0 comments