• Chathura Ramanayake

නිෂාන් ත්‍රිත්ව ශතකයක්ද කමිදු හා දිලාන් ද්විත්ව ශතකද වාර්තා කරයි !!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ තුන් දින තරගාවලියේ දෙවන සතියේ තරග දෙවන දිනටත් ඊයේ ක්‍රියාත්මක විය. මෙවර තරගවාරයේ පළමු ත්‍රිත්ව ශතකය වාර්තා කිරීමට රාගම ක්‍රීඩා සමාජයේ නිෂාන් මදුෂ්ක ඊයේ දිනයේදී සමත් විය. ඒ සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැත්වෙන තරගයේදීය.


මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාගම ක්‍රීඩා සමාජය සිය පළමු ඉනීම වෙනුවෙන් කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 591ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරන්නට විය. එහිදී නිෂාන් මදුෂ්ක පන්දු 415ක් තුළදී හතරේ පහර 26ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 300ක් රැස්කළ අතර ඔහු ත්‍රිත්ව ශතකය රැස්කළ පසු ඉනීම අත්හිටුවීමට රාගම ක්‍රීඩා සමාජය තීරණය කළහ.


එමෙන්ම ඊයේ දිනයේදී කොළඹ ක්‍රීඩා සමාජය වෙනුවෙන් කමිදු මෙන්ඩිස් පන්දු 233කදී හතරේ පහර 18ක් හා හයේ පහර 6ක් එල්ල කරමින් නොදැවී ලකුණු 200ක් රැස්කිරීමට සමත් විය. තවද බී ආර් සී ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරු දිලාන් ජයලත් පන්දු 353කදී හතරේ පහර 20ක් සමගින් නොදැවී ලකුණු 203ක් රැස්කිරීමට සමත් විය.


ඊයේ දිනයේදී විශාඩ් රන්දික නොදැවී ලකුණු 114, සදීර සමරවික්‍රම ලකුණු 172, සම්මු අශාන් නොදැවී ලකුණු 100, නුවනිදු ප්‍රනාන්දු ලකුණු 140, ලසිත් ක්‍රෝස්පුල්ලේ ලකුණු 106, ජනිත් ලියනගේ ලකුණු 140, අනුජ් ජොටින් ලකුණු 152, තුලින දිල්ෂාන් ලකුණු 166, ලක්ෂාන් එදිරිසිංහ ලකුණු 120 බැගින් රැස්කිරීමට සමත් විය. එමෙන්ම බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සමගින් පැවති තරගය කඩුලු 8කින් ජයගන්නට සැරසන්ස් කණ්ඩායමට හැකි විය. එහිදී සැරසන්ස් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ඉසිත විජේසුන්දර ඉනීම දෙකෙහිදී කඩුලු 10ක් බිදහෙලන්නට සමත් විය.


ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය හා මීගමුව ක්‍රීඩා සමාජය අතර


ඒස් කැපිටල්ස් පළමු ඉනීම : 223/10

නිනාද් කාදම් 60, ප්‍රමුද් හෙට්ටිවත්ත 43

ධනුෂ්ක සදරුවන් 4/65, චනුර ප්‍රනාන්දු 3/38


මීගමුව පළමු ඉනීම : 231/10

දිමුත් සදරුවන් 67, ජටින් සක්සෙනා 42

නිම්සර අතරගල්ල 4/55, ලසිත් ක්‍රෝස්පුල්ලේ 2/32


ඒස් කැපිටල්ස් දෙවන ඉනීම : 234/4

ලසිත් ක්‍රෝස්පුල්ලේ 106, නිනාද් කාදම් 47

දිල්ෂාන් මුණවීර 2/65


යුධ හමුදා ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර


යුධ හමුදා පළමු ඉනීම : 452/4d

තුලිත දිල්ෂාන් 166, ලක්ෂාන් එදිරිසිංහ 120, අසේල ගුණරත්න 87, පැතුම් බොතේජු 50*

පවන් සන්දේෂ් 1/33


පානදුර පළමු ඉනීම : 140/4

ලක්ෂාන් රොදිගු 68, උමේෂ් කසුන් 43

කෞමාල් නානායක්කාර 2/41


බදුරලිය ක්‍රීඩා සමාජය හා ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය අතර


බදුරලිය පළමු ඉනීම : 207/10

අලංකාර අසංක 65, රනේෂ් සිල්වා 40

නවෝද් පරණවිතාන 3/27, දිල්රුවන් පෙරේරා 2/62


ටැමිල් යුනියන් පළමු ඉනීම : 314/5

සදීර සමරවික්‍රම 172, සන්තුෂ් ගුණතිලක 91*

චලන ද සිල්වා 3/128


බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය හා සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර


බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනීම : 67/10

මිනෙත් ප්‍රේමරත්න 15

ඉසිත විජේසුන්දර 6/23, මොහොමඩ් දිල්ෂාඩ් 3/20


සැරසන්ස් පළමු ඉනීම : 204/10

සදුන් මෙන්ඩිස් 50, තවීශ මදුසංක 42

ලහිරු මදුසංක 5/91, චානක කොමසෝරු 3/60


බ්ලූම්ෆීල්ඩ් දෙවන ඉනීම : 196/10

මිනෙත් ප්‍රේමරත්න 34, මදුක ලියනපතිරණ 34*

ඉසිත විජේසුන්දර 4/60, සදුන් මෙන්ඩිස් 3/37


සැරසන්ස් දෙවන ඉනීම : 60/2

නවිදු නිර්මාල් 37

මදුක ලියනපතිරණ 1/18


සැරසන්ස් ක්‍රීඩා සමාජයට කඩුලු 8ක ජයක්


බී ආර් සී ක්‍රීඩා සමාජය හා කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය අතර


කැන්ඩි කස්ටම්ස් පළමු ඉනීම : 113/10

රශ්මික මධුසංඛ 30

තිලකරත්න සම්පත් 5/39, දුවිදු තිලකරත්න 3/13, දුෂාන් හේමන්ත 2/30


බී.ආර්.සී පළමු ඉනීම : 446/4d

ඩිලාන් ජයලත් 203*, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 55, මොදිත රණතුංග 52, දුෂාන් හේමන්ත 50*

මෙතුෂාන් තිළිණ 2/87


කැන්ඩි කස්ටම්ස් දෙවන ඉනීම : 103/3

චානක විජේසිංහ 35*

තිලකරත්න සම්පත් 2/16


කොළඹ ක්‍රීඩා සමාජය හා කලුතර නාගරික ක්‍රීඩා සමාජය අතර


කොළඹ පළමු ඉනීම : 454/4d

කමිදු මෙන්ඩිස් 200*, නිමේෂ් ගුණසිංහ 78, ලසිත් අබේරත්න 93

ඉන්ෂක සිරිවර්ධන 3/142


කලුතර පළමු ඉනීම : 142/10

සදීශ් ජයවර්ධන 45

අශාන් ප්‍රියංජන් 5/29, මලින්ද පුෂ්පකුමාර 4/74


කලුතර දෙවන ඉනීම : 42/4

විශ්ව ප්‍රනාන්දු 2/15, මලින්ද පුෂ්පකුමාර 2/25


කෝල්ට්ස් ක්‍රීඩා සමාජය හා ගාල්ල ක්‍රීඩා සමාජය අතර


කෝල්ට්ස් පළමු ඉනීම : 463/5d

විශාඩ් රන්දික 114*, රවිදු රශන්ත 95, අවිශ්ක පෙරේරා 79, ශලින් ද මැල් 59,

සදකැන් පතිරණ 2/93


ගාල්ල පළමු ඉනීම : 173/9

දිල්ෂාන් කාංචන 78, සමීන් කදානෙආරච්චි 43

දුනිත් වෙල්ලාලගේ 4/46, ධනංජය ලක්ෂාන් 3/40


ලන්ක්න් ක්‍රීඩා සමාජය හා එස් එස් සී ක්‍රීඩා සමාජය අතර


එස් එස් සී පළමු ඉනීම : 518/4d

නිපුන් ධනංජය 152, නුවනිදු ප්‍රනාන්දු 140, සම්මු අශාන් 100*, ක්‍රිෂාන් සංජුල 77,

මිරංග වික්‍රමගේ 2/133


ලන්ක්න් පළමු ඉනීම : 136/10

දේශාන් ඩයස් 46

ප්‍රභාත් ජයසූරිය 3/29, කවිදු නදීෂාන් 2/18, කළණ පෙරේරා 2/20


ලන්ක්න් දෙවන ඉනීම : 17/0


එන් සී සී ක්‍රීඩා සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර


එන් සී සී පළමු ඉනීම : 307/10

අසෙල් සිගේරා 74, නිරෝෂන් දික්වැල්ල 51, ලසිත් ඇඹුල්දෙණිය 47

දුලාංජල මෙන්ඩිස් 5/83, ගිහාන් සිරිසෝම 2/64


ගුවන් හමුදා පළමු ඉනීම : 259/10

ආදිත්‍ය සිරිවර්ධන 48*, ,දේශාන් ප්‍රනාන්දු 41

ලසිත් ඇඹුල්දෙණිය 3/73, අම්ශි ද සිල්වා 3/91, අසෙල් සිගේරා 2/15


නුගේගොඩ ක්‍රීඩා සමාජය හා හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය අතර


හලාවත මේරියන්ස් පළමු ඉනීම : 419/10

අනුජ් ජොටින් 152, ජාතර් 77, රවීන් යසස් 75

නවීන් ප්‍රනාන්දු 3/76, ,කුයිසාර් අශ්‍රෆ් 2/105


නුගේගොඩ පළමු ඉනීම : 127/5

නයන ප්‍රනාන්දු 52

තිමිර ඉරුෂික 2/14


පොලිස් ක්‍රීඩා සමාජය හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර


මුවර්ස් පළමු ඉනීම : 273/10

දිනුක දිල්ෂාන් 72, පබසර වඩුගේ 51, මොහොමඩ් ශමාස් 51

චරිත් සුදාරක 4/62, ලහිරු දියන්ත 4/68


පොලිස් පළමු ඉනීම : 203/10

නදීර බාලසූරිය 70, හේෂාන් ප්‍රනාන්දු 44

රමේෂ් මෙන්ඩිස් 3/35, , තීසාන් විතුසාන් 2/19


මුවර්ස් දෙවන ඉනීම : 151/2

පබසර වඩුගේ 73, දිනුක දිල්ෂාන් 47

ලහිරු දියන්ත 2/55


රාගම ක්‍රීඩා සමාජය හා සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර


රාගම පළමු ඉනීම : 591/3

නිෂාන් මදුෂ්ක 300*, ජනිත් ලියනගේ 140, සාමින්ද ප්‍රනාන්දු 83

තරිඳු රත්නායක 2/201


සෙබස්තියනයිට්ස් පළමු ඉනීම : 53/2


761 views0 comments