• Chathura Ramanayake

නිෂාන්, කමිදු හා නුවනිදුගේ පිත්තෙන් නොදැවුනු ශතක වාර්තා වද්දී ඉසිතගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක්



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ තුන් දින තරගාවලියේ දෙවන සතියේ තරග අද ආරම්භ විය. අද දිනයේදී ද තරග 12ක් පැවැත්විණි. අද දිනයේදී ආරම්භ වූ තරගයේදීද සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව අගනා ශතකයක් වාර්තා කිරීමට රාගම ක්‍රීඩා සමාජ කණ්ඩායමේ නිෂාන් මදුෂ්ක සමත් විය. ඒ අනුව නිෂාන් මදුෂ්ක මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ ඉනීම ත්‍රිත්වයේදීම ශතක රැස්කිරීමට සමත් විය.


නිෂාන් මදුෂ්ක අද දිනය අවසානයේදී පන්දු 217ක් තුළ හතරේ පහර 17ක් සමගින් ලකුණු 155ක් නොදැවී රැස්කොට සිටියි. මීට අමතරව යුද හමුදා කණ්ඩායමෙන් අද දිනයේදී නොදැවුනු ශතක ද්විත්වයක් වාර්තා විය. යුධ හමුදා ආරම්භක පිතිකරු තුලිත දිල්ෂාන් පන්දු 230කදී හතරේ පහර 13ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 142ක් රැස්කොට සිටින අතර ලක්ෂාන් එදිරිසිංහ පන්දු 160කදී හතරේ පහර 13ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 117ක් රැස්කිරීමට සමත් විය.


එමෙන්ම අද දිනයේදී තවත් නොදැවුනු ශතකයක් වාර්තා වූයේ කමිදු මෙන්ඩිස්ගේ පිත්තෙනි. කමිදු පන්දු 166ක් තුළ හතරේ පහර 13ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 118ක් රැස්කිරීමට සමත් විය. පසුගිය තරගයේදී ද්විත්ව ශතකයක් රැස්කළ කෝල්ට්ස් ක්‍රීඩක අවිශ්ක පෙරේරා අද දිනයේදී ද ලකුණු 79ක් රැස්කිරීමට සමත් විය.


ලන්ක්න් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තරගයේදී ද එස් එස් සී පිතිකරුවන් යුගලයක් ශතක,වාර්තා කිරීමට සමත් වූහ. ආරම්භක පිතිකරු නිපුන් ධනංජය පන්දු 211කදී හතරේ පහර 18ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 152ක් රැස්කරද්දී යොවුන් ක්‍රීඩක නුවනිදු ප්‍රනාන්දු පන්දු 155ක් තුළ හතරේ පහර 11ක් හා හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 136ක් රැස්කරමින් කඩුල්ලේ රැදී සිටියි. එමෙන්ම හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ අනුජ් ජොටින් ද නොදැවී ලකුණු 101ක් රැස්කිරීමට සමත් විය.


අද දිනයේදී පන්දුවෙන් දස්කම් පාන්නට සමත් වූ ක්‍රීඩකයන් අතර ඉහළින්ම රැදෙනුයේ සැරසන්ස් ක්‍රීඩා සමාජයේ ඉසිත දේව් විජේසුන්දරයි. ඔහු බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනීම ලකුණු 67කට සීමා කරන්නට දායක වූයේ ලකුණු 23ට කඩුලු 6ක් බිදහෙලමිනි. කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී තිලකරත්න සම්පත් ද ලකුණු 39ට කඩුලු 5ක් දවාගැනීමට සමත් විය.


ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය හා මීගමුව ක්‍රීඩා සමාජය අතර


ඒස් කැපිටල්ස් පළමු ඉනීම : 223/10

නිනාද් කාදම් 60, ප්‍රමුද් හෙට්ටිවත්ත 43

ධනුෂ්ක සදරුවන් 4/65, චනුර ප්‍රනාන්දු 3/38


මීගමුව පළමු ඉනීම : 90/4

ජීවක රශ්මිත 32

නිම්සර අතරගල්ල 3/39


යුධ හමුදා ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර


යුධ හමුදා පළමු ඉනීම : 279/1

තුලිත දිල්ෂාන් 142*, ලක්ෂාන් එදිරිසිංහ 117*


බදුරලිය ක්‍රීඩා සමාජය හා ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය අතර


බදුරලිය පළමු ඉනීම : 177/8

අලංකාර අසංක 65, මලිදු මදුරංග 22

නවෝද් පරණවිතාන 3/17, දිල්රුවන් පෙරේරා 2/54


බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය හා සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර


බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනීම : 67/10

මිනෙත් ප්‍රේමරත්න 15

ඉසිත විජේසුන්දර 6/23, මොහොමඩ් දිල්ෂාඩ් 3/20


සැරසන්ස් පළමු ඉනීම : 146/6

සිතාර ගිම්හාන 35, නවිදු නිර්මාල් 32

ලහිරු මදුසංක 4/51


බී ආර් සී ක්‍රීඩා සමාජය හා කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය අතර


කැන්ඩි කස්ටම්ස් පළමු ඉනීම : 113/10

රශ්මික මධුසංඛ 30

තිලකරත්න සම්පත් 5/39, දුවිදු තිලකරත්න 3/13, දුෂාන් හේමන්ත 2/30


බී.ආර්.සී පළමු ඉනීම : 164/1

ඩිලාන් ජයලත් 82*, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 55


කොළඹ ක්‍රීඩා සමාජය හා කලුතර නාගරික ක්‍රීඩා සමාජය අතර


කොළඹ පළමු ඉනීම : 323/3

කමිදු මෙන්ඩිස් 118*, නිමේෂ් ගුණසිංහ 78, ලසිත් අබේරත්න 73*

ඉන්ෂක සිරිවර්ධන 3/113


කෝල්ට්ස් ක්‍රීඩා සමාජය හා ගාල්ල ක්‍රීඩා සමාජය අතර


කෝල්ට්ස් පළමු ඉනීම : 370/4

රවිදු රශන්ත 85*, අවිශ්ක පෙරේරා 79, ශලින් ද මැල් 59, විශාඩ් රන්දික 49*

සදකැන් පතිරණ 2/62#


ලන්ක්න් ක්‍රීඩා සමාජය හා එස් එස් සී ක්‍රීඩා සමාජය අතර


එස් එස් සී පළමු ඉනීම : 391/2

නිපුන් ධනංජය 152, නුවනිදු ප්‍රනාන්දු 136*, ක්‍රිෂාන් සංජුල 77

රජීව වීරසිංහ 1/85


එන් සී සී ක්‍රීඩා සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර


එන් සී සී පළමු ඉනීම : 307/10

අසෙල් සිගේරා 74, නිරෝෂන් දික්වැල්ල 51, ලසිත් ඇඹුල්දෙණිය 47

දුලාංජල මෙන්ඩිස් 5/83, ගිහාන් සිරිසෝම 2/64


ගුවන් හමුදා පළමු ඉනීම : 32/2

සාහිල් ඩයස් 17

ලසිත් ඇඹුල්දෙණිය 1/1


නුගේගොඩ ක්‍රීඩා සමාජය හා හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය අතර


හලාවත මේරියන්ස් පළමු ඉනීම : 237/5

අනුජ් ජොටින් 101*, ජාතර් 77

නවීන් ප්‍රනාන්දු 2/38


පොලිස් ක්‍රීඩා සමාජය හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර


මුවර්ස් පළමු ඉනීම : 273/10

දිනුක දිල්ෂාන් 72, පබසර වඩුගේ 51, මොහොමඩ් ශමාස් 51

චරිත් සුදාරක 4/62, ලහිරු දියන්ත 4/68


පොලිස් පළමු ඉනීම : 50/1

නදීර බාලසූරිය 24*

තිලංග උදේෂන 1/9


රාගම ක්‍රීඩා සමාජය හා සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර


රාගම පළමු ඉනීම : 329/2

නිෂාන් මදුෂ්ක 155*, ජනිත් ලියනගේ 86*, සාමින්ද ප්‍රනාන්දු 83

චාමිකර එදිරිසිංහ 1/83

104 views0 comments