• Chathura Ramanayake

නායකත්වයෙන් ඉවත් වුණාට පස්සේ දෝණි විතරයි මගේ ගැන හොයලා බැලුවේ.

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි, හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනිට සිය ගෞරවය පළ කොට ඇත. ඊයේ දිනයේදී පාකිස්තානයට එරෙහිව පැවති තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී විරාට් කෝලි අදහස් දක්වා ඇත. පසුගිය වසර දෙක තුළ යන් පසුබෑමකට ලක්වූ විරාට් කෝලි මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී තරග 3ක් තුළදී ලකුණු 154ක් රැස්කිරීමට සමත් වී ඇත.


ඊයේ දිනයේදී පැවති මාධ්‍ය හමුවේදී විරාට් කෝලි සදහන් කොට ඇත්තේ මෙම වසරේ ජනවාරි මසදී තමා ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වන විට තමාට කෙටි පණිවිඩයක් යොමු කළේ මහේන්ද්‍ර සිං දෝනි පමණක් බවයි.


" මම ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වුණාම මට පණිවිඩයක් ලැබුණේ එක් අයකුගෙන් පමණක් වන අතර මම ඒ පුද්ගලයා සමඟ පසුගිය කාලයේ ක්‍රීඩා කර තිබෙනවා. ඒ මහේන්ද්‍ර සිං දෝනි, වෙන කවුරුත් මට මැසේජ් කළේ නැහැ. ගොඩක් අය ළඟ මගේ නම්බර් එක තියෙනවා, ටීවී එකේ මට යෝජනා දෙන අය ගොඩක් ඉන්නවා. මට මැසේජ් කළේ එම්එස් දෝනි විතරයි, මගේ නම්බර් එක ගොඩක් අය ගාව තියෙනවා, ඒත් මට මැසේජ් කළේ නැහැ."

" ඔබට මට යමක් පැවසීමට අවශ්‍ය නම් මට එය කෙලින් පවසන්න. ඔබට මට උදව් කිරීමට අවශ්‍ය නම් එය රූපවාහිනිය ඉදිරියේ හෝ මුලු ලෝකයටම ප්‍රකාශ කළත් මට එහි වටිනාකමක් නෑ. ඔබට මාත් එක්ක මුහුණට මුහුණ කතා කරන්න පුලුවං. එසේ නැතිනම් මම තැකීමක් කරන්නෙ නෑ."

ඊයේ දිනයේදී පාකිස්තානයට එරෙහිව පැවති තරගයේදී අර්ෂදීප් සිංග් අතින් පහසු උඩපන්දුවක් ගිලිහීයාම සම්බන්ධයෙන් ද හිටපු නායක විරාට් කෝලි අදහස් දක්වා ඇත.


"ඕනෑම කෙනෙකුගෙන් වරදක් වෙන්න පුලුවන් . එය දැඩි පීඩනයක් ගෙන දුන් තරගයක් නිසා වැරදි සිදු වෙන්න පුලුවන්. මට තාම මතකයි මම මගේ පළමු චැම්පියන්ස් කුසලානය තරගයේදී මම ෂහීඩ් අෆ්රිඩිට එරෙහිව ඉතා දුර්වල පහරක් එල්ල කළා. පාන්දර 5 වෙනකන් සිවිලිම දිහා බලාගෙන හිටියා, මට නින්දක් නෑ, මගේ වෘත්තිය ඉවරයි කියලා හිතුවා. ඒත් මේ දේවල් ස්වභාවිකයි. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඔබ වටා එනවා, හොඳ කණ්ඩායම් පරිසරයක් දැන් තියෙනවා, මම නායකයාට සහ පුහුණුකරුට ඒකෙ ගෞරවය දෙනවා.

246 views0 comments