• Chathura Ramanayake

නොම්බර 5 ක්‍රීඩා කිරීම මගේ පිතිකරණය හදාගන්න හොද අවස්ථාවක් - වනිදු



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රියේදී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ අවසන් මහා තරගය වෙනුවෙන් සුදුසුකම් ලබා ඇත්තේ SLC Blues කණ්ඩායම හා SLC Reds කණ්ඩායමයි. තරගාවලිය සම්බන්ධයෙන් ක්‍රීඩකයන් පහත අදහස් දක්වා ඇත.


වනිදු හසරංග

මේ වගේ තරගාවලි ක්‍රීඩා කරන එක නැෂනල් ප්ලේයස්ලටත් ගොඩක් වටිනවා. එයාල ලකුණු අතර නැති වෙනකොට එයාලට මේ වගේ තරගාවලියකින් ලකුණු අතරට පැමිණීමට අවස්ථාව තියෙනවා. පන්දු යවන්නන්ටත් එළෙසමයි. ක්ලබ් ප්ලේයස්ලට හොද අවස්ථාවක් එයාලට නැෂනල් ප්ලේයස්ලත් එක්ක කරට කර හැප්පිලා මේ වගේ තරගාවලියක එයාලට හොද දක්ෂතා දක්වන්න පුලුවන් උනාම එයාලගෙ නම ගොඩක් අය දැනගන්නවා. මේ වගේ තරගාවලි පවත්වන එක ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ගොඩක්ම වැදගත්. ඊළඟට අපිට තියෙනවා ඒෂියා කප් එක හා වර්ල්ඩ් කප් එක. ඒ තරගාවලි දෙකට මේ තරගාවලිය ගොඩක්ම වැදගත් වෙනවා"
නැෂනල් ටීම් එකේ මං බැට් කරන්නෙ නොම්බර 7, 8 වගේ. නමුත් මේ තරගාවලියේ මට අවස්ථාව හම්බුනා නොම්බර 5 ක්‍රීඩා කරන්න. වර්ල්ඩ්කප් එකෙත් මං නොම්බර 5 බැට් කරලා ලකුණු 78ක් ලබාගත්තා. මේ තරගාවලියේ නොම්බර 5 බැට් කරන්න හම්බුනු එක මගේ පිතිකරණය හදාගන්න හොද අවස්ථාවක් වෙයි."

ප්‍රවීන් ජයවික්‍රම


අපේ ක්ලබ් සීසන් එක ගත්තොත් කිසිම තරගයක් ආලෝක ධාරා යටතේ සෙල්ලම් කරන්නෑ. ඉතින් මේ තරගාවලියේ ප්ලේයස්ල 60කට වගේ අවස්ථාව හම්බෙනවා ආලෝක ධාරා යටතේ සෙල්ලම් කරන්න. ඉන්ටර්නැෂනල් මැච් වලට ගියාම මේ වගේ තමයි සෙල්ලම් කරන්න වෙන්නෙ. විස්සයි විස්ස තරග දවල්ට සෙල්ලම් කරන්නෑ. මේක ලොකු අවස්ථාවක් නවකයන්ට ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න. ආලෝක ධාරා මධ්‍යයේ ක්‍රීඩා කරන එකත් ඔවුන්‍ට ලොකු දෙයක්.

දිල්ෂාන් මධුසංඛ


මං හිතන්නෙ මෙහෙම චන්ස් එකක් දුන්න එක ලොකු දෙයක්. මොකද අවුරුදු 2ක් ජාතික කණ්ඩායම සමග තරග සංචාර වලට ගියා. ඒත් අවස්ථාවක් හම්බුන්නෑ. හම්බුන මේ අවස්ථාවෙ හොදට දක්ෂතා දක්වන්න පුලුවන් වුණ එක සතුටක්. අපේ ඉනෙ තරුණ කණ්ඩායමක්. සැලසුම් කරපු දේවල් හැමෝම කරා. ඒ හංද මං හිතනවා දිනන්න පුලුවන් වුණා. විකට එක Pace උනු හංද මම ස්ලෝ බෝල් යවන්න උත්සහ කරේ නෑ. මගේ Pace එකත් එක්ක මං ගොඩක්ම ෆුල් ලෙන්ත් එකයි, යෝකර් එකයි, බවුන්සර් එකයි තමා ගොඩක් වෙලාවට උත්සාහ කරන්නෙ.

නිරෝෂන් දික්වැල්ල


මෙය හොද තරගාවලියක්. LPL තරගාවලියට පස්සෙ අපේ රටේ තියෙන හොදම තරගාවලිය මේක. මේක නවකයන්ට හොද අවස්ථාවක්. ඒ වගේම දක්ෂතා අතර නැති ක්‍රීඩකයන්ට කණ්ඩායම යළි එන්න තරගාවලිය හොද අවස්ථාවක්. අපි මේ තරගාවලිය ආලෝක ධාරා මධ්‍යයේ ක්‍රීඩා කරන්නෙ දෙවනි වතාවට. තරගාවලිය හොද පහසුකම් සහිතව තියෙන තරගාවලියක්. මේක අපේ ක්‍රීඩකයන්ට හොද අවස්ථාවක්.

71 views0 comments