• Chathura Ramanayake

නේපාල නායකයා වනිදුගේ වාර්තාවක් බිදහෙලයි !!!



නේපාල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක සන්දීප් ලමිචේන්, වනිදු හසරංග අභිබවා යන්නට ඊයේ දිනයේදී සමත් විය. කැලැන්ඩර් වර්ෂයක් තුළදී ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වන්නට සන්දීප් ලමිචේන්ට ඊයේ දිනයේදී හැකිවිය. කෙන්යාවට එරෙහිව පැවති විස්සයි විස්ස තරග 2කදී පන්දුවාර හතර තුළ ලකුණු 9කට කඩුලු 5ක් හා ලකුණු 26ට කඩුලු 2ක් දවාගැනීමට සන්දීප් ලමිචේන් ඊයේ සමත් විය.


ඒ අනුව පසුගිය වසරේදී තරග 20ක් තුළ කඩුලු 36ක් දවාගනිමින් වනිදු හසරංග පිහිටුවා තිබූ වාර්තාව බිදහෙලන්නට සන්දීප් ලමිචේන් සමත් විය. සන්දීප් ලමිචේන් මෙම වසර තුළදී මෙතෙක් තරග 18කට ක්‍රීඩා කරමින් කඩුලු 38ක් දවාගැනීමට සමත් වී ඇත.


ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ කැලැන්ඩර් වර්ෂයක් තුළ වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයන් අතර තෙවැන්නා ලෙසින් ටබ්‍රායිස් ශම්සි රැදී සිටින අතර ඔහු පසුගිය වසරේදී වනිදු දවාගත් කඩුලු ගණනට සමාන කඩුලු ගණනක් බිදහෙලන්නට සමත් විය. එම ලැයිස්තුවේ සිව්වන හා පස්වන ස්ථාන පිළිවෙලින් උගන්ඩා හා ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු සතුය.


කැලැන්ඩර් වර්ෂයක් තුළ වැඩිම විස්සයි විස්ස කඩුලු දවාගත් ක්‍රීඩකයන්

සන්දීප් ලමිචේන් - කඩුලු 38(2022*)

වනිදු හසරංග - කඩුලු 36(2021)

ටබ්‍රායිස් ශම්සි - කඩුලු 36(2021)

දිනේෂ් නක්‍රානි - කඩුලු 35(2021)

ඇන්ඩෘ ටයි - කඩුලු 31(2018)

153 views0 comments