• Chathura Ramanayake

නව නායකයෙක් යටතේ බංග්ලාදේශය ආසියානු කුසලානයට !!



ආසියානු කුසලාන තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය ප්‍රකාශයට පත් කොට ඇත. ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් සමන්විත බංග්ලාදේශ සංචිතයෙහි නායකත්වය නැවත වරක් තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන්ට හිමිවී ඇත. තවද එළඹෙන නවසීලන්ත තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේදී හා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදීද ශකිබ් අල් හසන් බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දරනු ඇත.


අවසන් වරට 2019 වසරේදී විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කළ මැදපෙළ පිතිකරු සබීර් රෙහ්මාන් බංග්ලාදේශ සංචිතයට කැදවා ඇත. සිම්බාබ්වේ විස්සයි විස්ස තරගාවලියෙන් විවේක ගන්වා සිටි මුෂ්ෆිකර් රහීම් නැවතත් බංග්ලාදේශ සංචිතය සමගින් එක්වී ඇත. ආරම්භක පිතිකරු ලිටන් ඩාස්ට ආබාධයකට ලක්වීම හේතුවෙන් එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය අහිමි වනු ඇත.


ශෝරිෆුල් ඉස්ලාම් හා නජ්මුල් හුසේන් ෂැන්ටෝ හට සිය ස්ථානය අහිමි වී ඇත. තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් සයිෆුදීන් හා වේගපන්දු යවන ක්‍රීඩක එබදත් හුසේන්ද බංග්ලාදේශ සංචිතයට ඇතුළත් කොට ඇත. ආබාධයකට ලක්ව සිටින නුරුල් හුසේන්ද සංචිතයට නම් කොට ඇති නමුත් ඔහු පිළිබඳව වාර්තාවක් එළඹෙන අගෝස්තු 21වනදා බලාපොරොත්තු වන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කොට ඇත.


Bangladesh's Asia Cup squad:

Shakib Al Hasan (captain), Anamul Haque, Mushfiqur Rahim, Afif Hossain, Mosaddek Hossain, Mahmudullah, Mahedi Hasan, Mohammad Saifuddin, Hasan Mahmud, Mustafizur Rahman, Nasum Ahmed, Sabbir Rahman, Mehidy Hasan Miraz, Ebadot Hossain, Parvez Hossain Emon, Nurul Hasan, Taskin Ahmed

83 views0 comments