• Chathura Ramanayake

නවීඩ්ගෙන් ශ්‍රී ලංකාව භාවිත කරන රහස් සංකේත පිළිබද හෙළිදරව්වක්.

පසුගිය ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රහස් සංකේත ක්‍රමයක් භාවිතා කරන ආකාරය පිළිබඳව ජාත්‍යන්තරය පුරාවට දැඩි කතාබහට ලක්විය. ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් විසින් මෙම රහස් සංකේත පුවරු ප්‍රදර්ශනය කරමින් කණ්ඩායමට අවශ්‍ය උපදෙස් ලබාදීමක් සිදු කළේය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් අදහස් දක්වා ඇත.


" ලෝකෙ ගහන හැම ක්‍රිකට් මැච් එකක්ම රෙකෝඩ් වෙනවා. ඒ රෙකෝඩ් වෙන මැච් දත්ත විශ්ලේෂණය කරන ආයතන මගින් කෝඩ් කරනවා. ඒකෙ සිස්ටම් එකක් තියෙනවා අපිට ගිහින් බලාගන්න පුලුවන් ලෝකෙ ඉන්න, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තෙ ඕන රටක වෙන්න පුලුවන්, පිතිකරුවෙක්ට පළවෙනි බෝල් දහය ඇතුලෙ පන්දු යවන්න ඕනි මොන වගේ පන්දු යවන්නෙක්ද කියන එක."

" ඒකට තමයි අපි Matchups කියන්නෙ. එයා දකුණත් වේගපන්දු යවන්නෙක් වෙන්න පුලුවන්, වමත් වේගපන්දු යවන්නෙක් වෙන්න පුලුවන්, පිට දගපන්දු යවන්නෙක්, පාදගපන්දු යවන්නෙක් ඕනි කෙනෙක් වෙන්න පුලුවන්. ඒකට තමයි අපි matchups කියන්නෙ. ඒ පිතිකරුවා විරාට් කෝලි වෙන්න පුලුවන්,රෝහිත් වෙන්න පුලුවන් ඒ පිතිකරුවා පිටිය මැදට ආවාම අපි එලියෙ ඉදං සංකේත ක්‍රමයෙන් නායකයාට දැනුවත් කරනවා මේ පිතිකරුවට matchup වෙන්නෙ මේ පන්දු යවන්නා කියලා."


" ඒක නායකයාට දෙන විකල්පයක් විතරයි.නායකයාට බල කිරීමක් නෑ මේ දේම කරන්න ඕනි කියලා. නායකයාට මේ වෙලාවෙදි තියෙන්නෙ තරගය යන විදිය බලලා තීරණයක් ගන්න එක."

යනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ සමගින් පැවති Straight Drive වැඩසටහනේදී නවීඩ් නවාස් අදහස් දක්වා ඇත.

133 views0 comments