• Chathura Ramanayake

නවසීලන්ත ක්‍රිකට් වලට වඩා ශ්‍රී ලංකා ක්‍රිකට් පොහොසත් - SLC සභාපති


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නවසීලන්ත ක්‍රිකට් ආයතනයට වඩා ධනවත් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා ඊයේ මාධ්‍ය වෙත පවසා ඇත. ඔහු සදහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථාවර තැන්පතු ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 40කට අධික ප්‍රමාණයක් ඇති බවත් එය වත්මන් පරිපාලනය විසින් පසුගිය වසර 2,3 තුළදී එකතු කළ බවත් ඔහු සදහන් කළේය.



වත්මන් ක්‍රිකට් පරිපාලනය පත්වීම පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ගිනුමෙහි කිසිවිටෙකත් ඇමරිකානු ඩොලර් මිලියන 2ට වඩා වැඩි ගණනක් තිබී නෑ. නමුත් වත්මන් පරිපාලනය විසින් පසුගිය වසර 2-3 තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 40කට අධික මුදලක් එකතු කොට තිබෙනවා. ඩොලර් මිලියන 35ක් පමණක් ඇති නවසීලන්ත ක්‍රිකට් ආයතනයට වඩා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැන් මුදල් තියෙනවා. "

යනුවෙන් ශම්මි සිල්වා මහතා සදහන් කොට ඇත.


ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ලබාගැනීමට නොහැකි වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඇමරිකානු ඩොලර් මිලියන 4කට අධික මුදලක් ලැබී ඇති බවද ඔහු සදහන් කොට ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසර 2-3ක කාලය තුළ ණයක් ඉල්ලා නොසිටීමට සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විමතියට පත්වන බවත්, මින් පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෑම විටම ක්‍රියාත්මක වූයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් ලබාගත් ණයවලින් බවත් ශම්මි සිල්වා සදහන් කොට ඇත.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථාවර තැම්පතු මුදල් පිළිබඳව තොරතුරු දන්නා පුද්ගලයන් මේ වන විට මඩ ව්‍යාපාරයක් නිර්මාණය කරමින් අසත්‍ය චෝදනා එල්ල කරන බවත් එහි අවසන් ප්‍රතිඵලය ක්‍රිකට් ක්‍රීඩාව විනාශයට හේතුවනු ඇති බවත් ඔහු සදහන් කොට ඇත. ක්‍රිකට් ක්‍රීඩාව නැවත වරක් විනාශ කිරීමට බාහිර බලවේගවලට ඉඩ නොතබන බවට ඔහු සදහන් කොට ඇත.

623 views0 comments