• Chathura Ramanayake

නවසීලන්තයට එක් ලකුණක තියුණු ජයක් !!



සංචාරක නවසීලන්ත කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර එක්දින තරගාවලියේ තෙවන තරගය ඊයේ දිනයේදී පැවැත්විණි. කාසියේ වාසිය හිමිකරගත් නවසීලන්ත කණ්ඩායම පළමු පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසෙන නවසීලන්ත කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගත්තේ පළමු කඩුල්ලට ලකුණු 78ක් එක් කරමිනි. ෆින් ඇලන් ලකුණු 33කට දැවී යද්දී විල් යන්ග් ලකුණු 3කට දුවද්දී දැවීයාමට හසුවූයේ අවාසනාවන්ත ලෙසිනි.


නායක ටොම් ලේතම් ලකුණු 30කට දවාගැනීමට චැම්පර් සමත් විය. අනතුරුව ආරම්භ පිතිකරු මාටින් ගප්ටිල් හා හෙන්රි නොකොල්ස් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 96ක සබදතාවක් ගොඩනගන්නට විය. ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් හතරේ පහර 15ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 115ක් රැස්කිරීමට සමත් වද්දී හෙන්රි නිකොල්ස් හතරේ පහර 7ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 79ක් රැස්කළේය. ග්ලෙන් පිලිප්ස් වේගවත් ලකුණු 47ක් නවසීලන්ත ඉනීමට එක්කරද්දී බ්‍රේස්වෙල් හා සැට්නර් නොදැවී ලකුණු 21 හා 14ක් රැස්කළහ. නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 360ක් නවසීලන්ත ඉනීම ඉදිරියේ සටහන් විය.


දැවැන්ත ඉලක්කය හබායාමට අයර්ලන්තය පිටියට පිවිසි නමුත් ලකුණු රැස්කිරීමටත් පෙරාතුව අයර්ලන්ත නායකයා ක්‍රීඩාගාරයට හරවා යවන්නට මැට් හෙන්රි සමත් විය. ඇන්ඩි මැක්බ්‍රයන් ලකුණු 26ක් රැස්කොට සිටියදී දැවීගිය නමුත් පිටියට එක්වූ හැරී ටෙක්ටර්, පෝල් ස්ටර්ලින් සමගින් එක්ව අයර්ලන්ත ඉනීම ගොඩනගන්නට විය. ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 179ක් එක් කරන්නට විය. පෝල් ස්ටර්ලින් පන්දු 103කදී හතරේ පහර 14ක් හා හයේ පහර 5ක් සමගින් ලකුණු 120ක් රැස්කළේය.


යොවුන් ක්‍රීඩක හැරී ටෙක්ටර් පන්දු 106කදී හතරේ පහර 7ක් හා හයේ පහර 5ක් සමගින් ලකුණු 108ක් රැස්කළේය. අයර්ලන්ත කණ්ඩායමට අවසන් පන්දුවාරය තුළදී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 10ක් අවශ්‍ය විය. අවසන් පන්දුවාරය යොමුකළ බ්ලෙයාර් ටික්නර්ට එරෙහිව පළමු පන්දු 5 තුළදී ලකුණු 8ක් ලබාගැනීමට අයර්ලන්තයට හැකිවිය. අවසන් පන්දුවේදී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 3ක් අවශ්‍ය වුවද ලබාගැනීමට හැකිවූයේ අතිරේක ලකුණක් පමණි. ඒ අනුව මෙම තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් හිමිකරගැනීමට සංචාරක නවසීලන්තය සමත් විය. එක්දින තරගාවලියේ ජයග්‍රහණය තරග 3-0ක් ලෙසින් අයර්ලන්තය සතු විය.


New Zealand 360 for 6

(Guptill 115, Nicholls 79, Little 2-84)


Ireland 359 for 9

(Stirling 120, Tector 108, Henry 4-68, Santner 3-71)




6 views0 comments